Colombo Today Local News

ලොකු පුටු ඉල්ලන ඇවිද ගන්නවත් බැරි කොර ගහන අය විශ්‍රාම ගත යුතුයි..

මෙරට සර්වබලධාරී ජනාධිපති ධුරය දැරූ පසු තවත් පීචං මන්ත්‍රී කෙනෙක් ලෙස පාර්ලිමේන්තු යාමේ උවමනාවක් තමන්ට නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ජනාධිපති ධුරය දැරීමෙන් පසු නැවත අගමැති වීමේ ආශාවක් තමනට නැතැයිද ඇය පවසයි.

අද එම ධූරයන් ඉල්ලා සිටින ඇතැම් නායකයන් නිවාස වලට ගොස් විශ්‍රාම ගත යුතු වයසේ පසුවන අය බවත් ඇවිද ගන්නවත් බැරිව කොර ගහන අසනීප තත්ත්වයන් සහිත අය බවත් ඇය සඳහන් කළාය.

එනිසා ඔවුන් විශ්‍රාම සුවෙන් නිවෙස්වලට වී සිට අලුත් අයට ඉඩ ප්රස්තාව ලබා දිය යුතු බවත් ඇය පැවසුවාය.

හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියේ තම උපන් දිනය වෙනුවෙන් අනුරාධපුරයේ පැවති සැමරුමකින් පසු මාධ්‍ය අමතමිනි.

Related posts

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

colombotoday

වැලි කියුබ් එකේ මිලටත් පළමු දා සිටි වෙනසක් වෙයි !

colombotoday

බදුර්දීන් මුලතිව් කුලාමරිප්පු රක්ෂිතයට බහී.. නීති විරෝධීව අරාබි කොලණියක් හදන්න යයි

colombotoday

රත්‍රං මිල තවත් ඉහළ යයි

Admin

ඇල්ල වැල්ලවාය මාර්ග‍යේ එක් මංතීරුවක් යළි විවෘත කරයි

Admin

දුමින්ද පිම්මකට සැරසෙයි.. ශ්‍රීලනිපයෙන් යන බව ජනපතිට දන්වයි !!

colombotoday