Colombo Today Local News

වැලි කියුබ් එකේ මිලටත් පළමු දා සිටි වෙනසක් වෙයි !

වැලි සඳහා අයකරන රාජ්‍ය භාගය ජනවාරි පළමුවැනිදා සිට සියට සියයකින් ඉහළ දමන බව භූවිද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

දැනට වැලි කියුබ් එකක් රුපියල් 4,000ක් සේ සලකා රාජ්‍ය භාගය රුපියල් 160ක් වැලි කියුබ් එකකට අය කරන බවද එම කාර්යාංශයේ සභාපති කිත්සිරි දිසානායක මහතා පැවසීය.

එහෙත් එය ප්‍රමාණවත් මුදලක් නොවන බවත්, මෙම මුදල තීරණය කර තිබෙන්නේ 2007 වසරේදී බවත්හෙතෙම පවසා සිටියේය.

රජය වැලි කියුබ් එකක් රුපියල් 4,000ක මුදලකට ගණනය කළද ඇතැම් ව්‍යාපාරිකයන් සමහර ප්‍රදේශවලදී වැලි කියුබ් එකක් රුපියල් 18,000ක් වැනි අධික මුදලකට අලෙවි කරන බවට වාර්තා වන බව සභාපතිවරයා සඳහන් කර සිටියේය.

මේ හේතුවෙන් රජයේ වැලි කියුබ් එකක් ගණනය කිරීමේ මිල රුපියල් 8,000 දක්වා ඉහළ දමා රාජ්‍ය භාගය ලෙස රුපියල් 320ක් අයකර ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.

Related posts

අපි කෝටිපතියන්ට 20,000 දෙන්නේ නෑ

colombotoday

අධික බදු බරට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාසයක්

Admin

“මහාචාර්ය සරත් විජේසූරියගේ ඔලුවේ අර්ශස්” ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

සාගල, අකිල අතටර හරීනුත් එයි.. එජාපයේ ලොකු තැනක් වෙනුවෙන් තුන්කොන් සටනක් !

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 24 ක අගරු චෙක්පත්

colombotoday

බන්ධනාගාරගත රැඳවියන්ට Sanitizer භාවිතය තහනම් කරයි

colombotoday