Colombo Today Local News

ලන්ච් ෂීට් වෙනුවට පරිසර හිතකාමී ආදේශකයක් අරන් විමල් හමුවට ආ තරුණ ව්‍යවසායිකාව !

පරිසර හිතකාමී, නැවත නැවතත් භාවිතා කළ හැකි පහසු ආහාර අසුරනයක්  (Easy Food Packet) නිපදවා ඇති තරුෂි විදුෂිකා රාජපක්ෂ තරුණ ව්‍යවසායිකාව අද පසුගියදා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා හමු වී තම නව නිෂ්පාදනය ප්‍රවර්ධනය පිණිස සහාය ඉල්ලා සිටියාය. 

රත්නපුර, ගෝනකුඹුර පදිංචි ඇය මේ වනවිටත් සරසවි ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින්නියකි.

‘ලන්ච් ෂීට්‘ සඳහා ආදේශකයක් සේම ආහාර රැගෙන යන ප්ලාස්ටික් බදුනට ද ආදේශකයක් ලෙස ඇයගේ මෙම පහසු ආහාර අසුරනය යොදාගත හැකිය.

තරුෂි විදුෂිකාගේ නව නිපැයුම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වනු ලබන ‘සහසක් නිමැයුම් 2018‘ තරගාවලියේදී රන් පදක්කමත් සහ 2019 කොරියානු තරුණ ඔලිම්පියාඞ් තරගාවලියේදී රිදී පදක්කමක් ද දිනාගෙන ඇත. ‘ආහාර රැගෙන යන බදුනට සහ ලන්ච් ෂීට් එකට ආදේශකයක්’ වන අයගේ පරිසර හිතකාමි නව නිෂ්පාදනය දින 90ක කාලයක් සඳහා භාවිතා කළ හැකි අතර මිල රුපියල් 200.00 කි.

පාසල් දරුවන්, කාර්යාල සේවකයන් ඇතුළු පිරිස් වෙත මෙම නිෂ්පාදනය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව මෙහිදී ඇයට සුබ පතමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Related posts

එජාපයට කැමති වාර්තාවක් හදාගන්න ඉඩදී හදුන්නෙත්ති COPE සභාපතිකමෙන් ඉවත්වෙයි

colombotoday

පෙත්සම් තීන්දුව කඩිනමින් දෙන්නැයි ජනපතිගේ ඉල්ලීමට එරෙහිව මෝසමක්

colombotoday

අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලැබෙන දවස් මෙන්න

colombotoday

“තමුසෙගෙ තරු ගලවනවා” කමිසයෙන් ඇද OICට තග දැමූ ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ආර්ථිකය මෙහෙයවන්නේ පාස්කරලිංගම්, මලික් සමරවික්‍රම සහ විදේශිකයෙක්.. ඩොලර් බිලියන 14ක් ණය අරන්, කරපු දෙයක් නෑ

colombotoday

ආපන ශාලාවක ගින්නකින් කොකියක් මිය යයි

colombotoday