Colombo Today Local News

රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහි පැමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගය

ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයිමන්නාරම ප්‍රදේශයේ අක්කර 80 කින් යුත් ඉඩම් කොටස් දෙකක් නීතිවිරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිෆ්කාන් බදුර්දීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෑමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් සිටී නම් ඔවුන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (08)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී එහි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කර තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් කිහිප දෙනෙකු පිළිබඳ විස්තර අධිකරණය හමුවේ සඳහන් කර සිටි නීතිඥ චන්ද්‍රසේන මහතා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් පෙබරවාරි මස නියෝගයක් නිකුත් කර තිබුණද එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව සඳහන් කළේය.

එම කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ලබන 22 වන දා කැඳවීමට නියම කර ඇත.

Related posts

ප්‍රදේශ රැසකට අද වැසි

colombotoday

(Video)ඔබ සූදානම්ද.. අපි සූදානම්.. ජන සටන හෙල්ලූ මහින්දගේ කතාව මෙන්න

colombotoday

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට විනය පියවර ගන්නැයි නියෝග..

colombotoday

තෙල් හිදින්න පොල් මද පිටරටින්..

colombotoday

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

Admin

ජපානයේ භූ කම්පනයක්

Admin