Colombo Today Local News

රණවිරු සුනිල් රත්නායකට සමාවදීම ගැන ක්ෂමා සංවිධානයේ කනගාටුව

යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතාට, ජනාධිපති සමාව ලබාදීමට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සමාජයට ලබා දෙන්නේ ඉතා කණගාටුදායක පණිවුඩයක් යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් පිළිබඳව වගවීම ඇත්තේ ඉතා අල්ප වශයෙන් බවත්, එබැවින් මෙවැනි බැරෑරුම් අපරාධයකට නීතිය හමුවේ වරදකරු වූවෙකුට සමාව දීමෙන් කියවෙන්නේ, ඒ හා සමාන ඕනෑම වරදක් කළ අයෙකු නීතිය හමුවේ වරදකරු වුව ද ඔහුට සමාව ලැබෙන බවක් යැයි ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ බිරාජ් පට්නේක් මහතා කියා සිටී.

එම සංවිධානය සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයා  විසින් ජනපතිවරණ සමයේ පැවසු ආකාරයට, මෙවැනි තීරණ ඉදිරියටත් ගැනීමේ හැකියාව පිළිබඳව, දැඩි අවධානය යොමුව ඇති බවය.

කොරෝනා වයිරසය වැනි තත්ත්වයක් උපයෝගි කරගෙන මෙවැනි වරදකරුවෙකුට සමාව දීම, පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කර තිබේ.

වසර 2000දී සිදුවූ සමූහ ඝාතනයකට 2015 වසරේදී යුක්තිය ඉටු වුවත් අත්තනෝමතික විධායක තීරණයක් තුළින් යුක්තිය ආපසු හැරවීම නින්දා සහගත බව ද ක්ෂමා සංවිධාන නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

Related posts

කැම්පස් ළමයි අන්දන අලුත්ම පිරමීඩ් ජාවාරම

colombotoday

විශ්වාසභංගයෙන් පසු දෝෂාභියෝගය ස්ථීරයි – එජාප පසුපෙළ ජනපතිට අනතුරු අගවයි

colombotoday

ඇමති චම්පිකගේ රියට යටවූ සංදීප්ට සාධාරණය ඉටු කරන්න.. යුක්තියේ මව් පෙරමුණ විරෝධතාවක

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin

“විශ්ව බුද්ධා” ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

Admin