Colombo Today Local News

ඇමති චම්පිකගේ රියට යටවූ සංදීප්ට සාධාරණය ඉටු කරන්න.. යුක්තියේ මව් පෙරමුණ විරෝධතාවක

112342_untitled-1

ඇමති පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූයේයෑයි කියන ජීප් රථයට යටවී බරපතල තුවාල ලබා සිටින සංදීප් සම්පත් මහතා වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා මව්බිම සුරැකීමේ කාන්තා හඩ සංවිධානය ඊයේ (28) වැලිකඩ පොලීසිය ඉදිරිපිට දී විරෝධතාවක නිරත විය.

ඔවුන් චෝදනා කරමින් කියාසිටියේ අදාළ රිය අනතුරට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වගකිවයුතු බවත් මේ වනවිට අනතුර සිදුවී කාලයක් ගතවී ඇතත් තවමත් අමාත්‍යවරයා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් ය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ‘මවුබිම’ සුරකින කාන්තා හඬ සංවිධානයේ සභාපතිනි නීතිඥ ජයන්ති ඒකනායක මෙසේ පැවැසුවාය. “මේ අනතුර සිද්ධ කළේ පාඨලී චම්පික ඇමැතිවරයා කියලා ඇසින් දුටු සාක්‍ෂිකරුවෙක් ප්‍රකාශ කරනවා නම් පොලිසිය ඇසින් දුටු සාක්‍ෂි මත විත්තිකරුවෙක් බවට පත් කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ. ඇස දුටු සාක්‍ෂි තියෙද්දී පරිවේශනීය සාක්‍ෂි සොය සොයා යන්න අවශ්‍ය නැහැ. ඒ තුළින්ම පැහැදිලි වෙනවා යහපාලන ආණ්ඩුවට එක්වූ අය ආරක්‍ෂා කිරීමත් යහපාලන ආණ්ඩුවට විරුද්ධ වූ අයට නිකරුණේ හෝ නඩු පවරා කටයුතු කරන බව. යුක්තිය ක්‍රියාත්මක වෙන බවට රටේ ජනතාවට විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඒ නිසා රටේ ඕනෑම අපරාධයක් කරන පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

පාඨලී චම්පික අමාත්‍යවරයාව විත්තිකරුවෙක් බවට පත් කළ යුතුමයි. ඔහුව විත්තිකරුවෙක් කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න. විත්තිකරුවාට පුළුවන් අධිකරණයේ ඔහු නිවැරැදි නම් නිදහස් වෙන්න. නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි අපි කියන්නේ. ඒ දරුවා රෝහල්ගත වෙලා ඉන්නවා. අපරාධය කරපු අය නිදහසේ ගෙදර ඉන්නවා. කාටත් සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන්න”

Related posts

“මහින්දට 45% යි.. බහුතරය අපටයි.. ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුව තවත් ශක්තිමත් වුණා“ – රාජිත

colombotoday

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට කොවිඩ්

colombotoday

පිය පුතු දෙපළගේ රෙදි ගැළවෙයි.. මහ ජාවාරම් තොගයක් මාධ්‍ය හමුවේදී එළියට !

colombotoday

විශ්වාසභංගයක් ගෙනත් සම්මතකරගන්නා නියම විදිහ මෙන්න – අගැමැති කාර්යාලයෙන් කරුට පාඩමක්…

colombotoday

මීනගයා රාත්‍රී තැපැල් දුම්රියයන් අවලංගු කෙරේ

Admin

ත්‍රස්ත මර්ධන පනත අ‍හෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !

colombotoday