Colombo Today Local News

රණවිරු දඩයම මෙහෙයවූ CID ලොක්කෙක් පවුලත් සමග රටින් පනී !

පසුගිය කාලයේ බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව විමර්ශන සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්‍ෂක ඒඩි‍්‍රයන් නිශාන්ත කන්දප්පා හෙවත් නිශාන්ත සිල්වා මහතා සිය පවුලේ සාමාජිකයන්ද සමගින් ඊයේ (24 වැනිදා) දහවල් 12.50ට ඩබ්. කේ. 65 දරන ස්විට්සර්ලන්ත අන්තර්ජාතික ගුවන් සේවය යටතේ කි‍්‍රයාත්මක වන යානයකින් ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර බලාගොස් තිබේ.

මොහු විදේශගතවී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයක් නොමැතිව බවද පොලිස් නිලධාරියකු එසේ අවසරයකින් තොරව විදේශගත වීම බලවත් වරදක් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන විමර්ශන නිලධාරියකු වූ නිශාන්ත සිල්වා කන්දප්පා සිය දරු පවුලද සමගින් රටින් පැනගියද ඊයේ දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිටි රාජ්‍ය බුද්ධි අංශයේ සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ කිසිදු නිලධාරියකු ඒ බවක් දැන සිට නැත.

ප‍්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඞීන් සිද්ධිය, නඩරාජා රවිරාජ් ඝාතනය, වැලිකඩ කැරැුල්ල, කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන්ට පහරදීම, කොටහේනේදී පුද්ගලයන් දෙදෙනකු පැහැරගැනීම මෙන්ම වැල්ලවත්තේදී තරුණයන් පස් දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැර ගත්තේ යැයි කියන සිද්ධිය ආදී ලෙසින් බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහි විමර්ශන ගණනාවක් මෙහෙයවූ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා වූයේ ඒඩි‍්‍රයන් නිශාන්ත සිල්වා කන්දප්පාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න යන නිලධාරීන් යටතේ සිදුකළ මෙම විමර්ශනවලට අනුව නිශාන්ත සිල්වා විසින් අත්අඩංගුවට ගෙන සිරගත කළ යුද සහ නාවික බුද්ධි අංශ නිලධාරීන් ගණන පනස් දෙනකු පමණ විය.

එම විමර්ශනවලදී යුද සහ නාවික බුද්ධි අංශ නිලධාරීන් දහසකටත් අධික ප‍්‍රමාණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප‍්‍රශ්න කිරීමටද පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කටයුතු කරනු ලැබීය.

ඉකුත් මානුෂීය මෙහෙයුම පිළිබඳ සංවේදී වූ යුද සහ රාජ්‍ය රහස් රාශියක් අනාවරණය වීමටද මෙම විමර්ශන හේතුවක් විය.

දිවයින – සමන් ගමගේ සහ ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල

Related posts

ජී.එල්. පීරිස් මුදල්වල වැඩ බලන්න පත් කරයි

colombotoday

මහනුවර, මහයියාවේ වැඩිහිටි නිවාසයක 47කට කොවිඩ් – තිදෙනෙක් මිය ගිහින්

colombotoday

ඒකාබද්ධ විපක්ෂ ජන රැළිය පැවැත්වෙන හයිඩ් පිටිය පුරා වල්වල් හාරති.. අළුත්වැඩියාවක්ලු !

colombotoday

‘එළුග තමිල් 2‘ මඩකලපුවේදී… ෆෙඩරල් දිනාගන්න එන්නැයි අත්පත්‍රිකා බෙදා හරී

colombotoday

ලොකුම හොරකම සිදුකළ විදේශිකයාට යන්න දීල අගමැති අලුත් හොරු හොයනවා – දිලුම් අමුණුගම

colombotoday

වනිඳුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday