Colombo Today Local News

යුද හමුදාව සතුව තිබූ ගිනි අවියක් පාතාලයට ගිය ආකාරය සොයා විමර්ශන

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 13දෙනා ඔක්තෝබර් මස 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද (28)දින කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

මෙහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විසින් මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 130 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව “මංජු” නමැති සැකකරුවකු අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරමින් පවතින බව දැනුම් දුන්නේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලින් අනතුරුව පිස්තෝල දෙකක් සහ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සොයා ගත් බවත් ඒවායේ අංක ඔස්සේ විමර්ශන පැවැත්වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළේය.

එහිදී ඉන් එක් පිස්තෝලයක් 1996 වසරේ දෙසැම්බර් 31 වනදා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ට නිකුත් කළ ගිනි අවියක් බවට කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

යුද හමුදාව සතු ගිනි අවියක් මේ ආකාරයෙන් පාතාල සාමාජිකයන් අතර පත් වූයේ කෙසේ ද? යන බරපතළ ප්‍රශ්නය මේ වන විට පැන නැගී ඇතැයි පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා යුද හමුදාව විසින් එම ගිනි අවිය නිකුත් කළේ කුමන නිලධාරියාට ද? එය පාතාල සාමාජිකයින් අතට පැමිණියේ කෙසේද? යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් සඳහන් කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුවන් බැඳුම්කරයක් මත මුදාහරිණ ලෙස තමන් විසින් කර ඇති ඉල්ලීමට අදාළ ව තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍යව තිබෙන බව දන්වා සිටියේය.

ඒ අනුව අදාළ කරුණු ඉදිරිපත් කිරීම ඔක්තෝබර් මස 07 වනදා සිදු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අනතුරුව සැකකරුවන් ලබන 12 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Related posts

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday

2021 සිට 2030 දක්වා වන නිපුණතා සංවර්ධන දශකය නම් කෙරේ

colombotoday

මුදල් වෙන්කළ සංවර්ධන ව්‍යාප්ති මේ වසරේ නිමකරන්න – අගමැතිගෙන් උපදෙස්

colombotoday

විදුලිබල සේවකයන් 5000කට අධික පිරිසක් විරෝධයේ… – කොළඹ කොටුවේ දැඩි රථ වාහන තදබදයක්

Admin

ලාංකික ISIS ත්‍රස්තවාදියා සමග තවත් 16ක් ගිහින්… සඟරාවකින් හෙළිවෙයි

colombotoday

කොරියාවේදී ජාඇළ තරුණයකු පිහි පහරින් මරුට

Admin