Colombo Today Local News

යුද හමුදාපතිට දැමූ තහංචියට එරෙහිව ලක් රජය ඇමරිකානු තානාපතිනියට දැඩි විරෝධය දක්වයි !

යුධ හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාව විසින් පනවා තිබෙන සංචාරක තහනමට ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කොට තිබෙනවා.

ඒ (16)දිනයේදී මෙරට අමෙරිකානු තානාපති Alaina B. Teplitz විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන හමුවූ අවස්ථාවේදී.

රටේ විධායක බලය හොබවන ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පත් කිරිම් සම්බන්ධයෙන් විදේශ රාජ්‍යයක් මේ අයුරින් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් දැඩි ගැටළු සහගත තත්ත්වයක් බවත් මෙය අමෙරිකා සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවයට අනවශ්‍ය ආකාරයේ ගැටළුකාරි තත්ත්වයක් ඇති කරන බවයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙරට අමෙරිකානු තානාපතිවරියට පවසා ඇත්තේ.

යුධ හමුදාපතිවරයාට එරෙහිව නගා තිබෙන චෝදනා වලට හේතු පාදක කර ගෙන තිබෙන කරුණු සම්බන්ධයෙන් යලිත් වරක් විමසා බලන ලෙස මෙහිදී විදේශ කටයුතු ඇමතිවරයා අමෙරිකානු තානාපතිවරියට දැනුම් දී තිබෙනවා.

මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වනු ලබන ප්‍රතිචාර ගැන තමන් වොෂින්ටනයට දැනුම් දෙන බවත් ලක් රජය සමග පවත්වනු ලබන ආරක්ෂක කටයුතු ඇතුළු සියලු කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගෙන යන බවට අමෙරිකානු තානාපතිවරිය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

බදු නොගෙවා බියර් ආනයනයට “ලයන් බියර්“ සමාගමට අවසර

colombotoday

විල්පත්තු සංහාරය තවදුරටත් – අක්කර 175ක් පලතුරු වගා සමාගමකට

colombotoday

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

Admin

අලියාගෙන් රනිල්, පොහොට්ටුවෙන් ගෝඨා ජනාධිපතිවරණයට

colombotoday

හොර එළිකර නිසා කීර්ති නාමයට කෙළෙසිලා.. බැදුම්කර බෑණා බිලියන 10ක් වන්දි ඉල්ලයි

colombotoday

විශ්වාසභංග මන්ත්‍රී අත්සන් ලේඛණය දින මකා ටිපෙක්ස් කර හැදු කූට ලියවිල්ලක්..

colombotoday