Colombo Today Local News

යහපාලන ආණ්ඩු තිබියදී රට ස්ථාවරව තිබුනා.. ගෝටාභය ජනාධිපති වූ පසු රටේ ආර්ථිකය කඩා වැටුනා- කිරිඇල්ල

රටේ වත්මන් තත්වය හමුවේ ආණ්ඩුවට ජනතාවගෙන් ඡන්දයක් ඉල්ලීමට කිසිම හැකියාවක් නොමැති බව සමගි ජනබලවේග මහනුවර දිස්ති‍්‍රක් නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවරදි පැවසීය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි අධික මිල හා මේ වනවිට සමාජයේ දැඩි අවධානයක් යොමු වී ඇති කරුණාගේ ප‍්‍රකාශය යන කාරණා නිසා ඉදිරි මැතිවරණයේදි ආණ්ඩුවට කිසිම චාන්ස් එකක් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මහනුවරදි විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළකල කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසුවේ අග‍්‍රමාත්‍යවරයා හදිසියේ විශේෂ ප‍්‍රකාශයක් පවා කිරිමට පෙළඹුනේ ඉහත කාරණා ආණ්ඩුවට තර්ජනයක් වන බවට හැඟී ගිය නිසා බවයි.

මෙහිදි මාධ්‍ය හමුව ඇමතු හිටපු මන්ති‍්‍රවරයා,

රටේ අග‍්‍රමාත්‍යවරයා ජාතිය අමතලා විශේෂ ප‍්‍රකාශයක් කළා මේ වනවිට සමාජයේ කතාබහට ලක්වන කරුණා අම්මාන් සිදුකළ ප‍්‍රකාශය හා කි‍්‍රකට් ලෝක කුසලානය පාවාදීම යන කරුණු සිල්ලර කාරණා බවට.

මටනම් අදහාගන්න බැහැ මොකද කරුණා ප‍්‍රකාශ කළා ඔහු හමුදාවේ 3000ක් ඝාතනය කළ බවට. ඒ වගේම අරංතලාවේ භික්ෂු ඝාතනය, දළදා මාලිගාවට සිදුකළ පහරදීම, පොලිසියේ නිලධාරින් ඝාතනය කිරිම යන කාරණා අපට තවම මතකයි. මේවා සිල්ලර කාරණා නෙමේ. මේවා රටේ ඒකීයත්වයට බලපාන කරුණු. අග‍්‍රමාත්‍යවරයා කුමන අදහසකින් මෙම ප‍්‍රකාශය කළාද කියන එක ගැටළුවක්.

ඒ වගේම කි‍්‍රකට් ලෝක කුසලානය පිළිබඳ ප‍්‍රකාශය අවුරුදු 09කට පස්සෙයි හෙළිදරව් වෙන්නේ. හෝමාගම කි‍්‍රකට් කී‍්‍රඩාංගනයට මහේල හා සංගක්කාර විරුද්ධ වීම නිසා ඔවුන්ව අපහසුතාවයට පත්කරන්න ගොතපු කතාවක් විදිහටයි අපි දකින්නේ. කෙසේ නමුත් ලෝක පූජිත කි‍්‍රඩකයින්ට අපහාස කිරිම බලවත් අපරාධයක්. කි‍්‍රකට් තමයි අපේ රටට විශාල කීර්තියක් ලබාදී තිබෙන්නේ.

ඒ වගේම මැතිවරණයට තව මාසයක් තිබෙනවා. ආණ්ඩුවේ ජනප‍්‍රියතාවය එන්න එන්නම අඩුවෙනවා මොකද පසුගිය මාස හය දෙස හැරිලා බැලූවොත් මේ අය කරපු දෙයක් නැහැ. අද බඩු මිල දරාගන්න බැරිතරම් ඉහළ ගිහින්. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් සියයට පනහක් කප්පාදු කරලා. විදුලි බිල් අදහාගත නොහැකි ලෙස ඉහළ ගිහින්. මේ මැතිවරණයෙන් ආණ්ඩුවට පාඩමක් ඉගැන්වුයේ නැත්නම් තත්වය මීටත් වඩා දරුණු වෙනවා.

යහපාලන ආණ්ඩුවේ මොන අඩුපාඩුකම් තිබුණත් ආර්ථිකය හොදින් පවත්වාගෙන ගියා. බඩුමිල පාලනය කළා, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකළා, ඉන්ධන මිල අඩුකළා, සුරක්ෂා රක්ෂණය ඇතිකළා. අද ඒ සියල්ල නැතිවෙලා. ගිය වසරේ නොවැම්බර් මාසය වන තෙක් රට ස්ථාවරව තිබුනේ. ජනාධිපති මැතිවරණයෙන් පස්සේ තමා රටේ ආර්ථිකය මේ ආකාරයෙන් කඩාවැටුනේ.

– මාධ්‍ය ඒකකය

Related posts

ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කරන්න යයි !

colombotoday

යුධ හමුදාපතිවරයාව මානව හිමිකම් කොමිසමට කැඳවයි. වරද මුලතිව් හී 64 සේනාංකය පන්සලක් ඉදිකිරීම

colombotoday

එකම පවුලේ තිදෙනෙකුට කොරෝනා

colombotoday

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් ගෙවීමට කැබිනට් අනුමැතිය

colombotoday

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්න යනවා යැයි විපක්ෂය පාර්ලිමේන්තුවේ ජෝගි නටයි. විනාඩියකට රුපියල් ලක්ෂයක් වියදම්වන බව කතානායක කියයි.

colombotoday

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණ යෝජනාව කතානායකට භාර දෙයි

colombotoday