Colombo Today Local News

මෝටර් රථ 7500ක් රැගෙන ජපානයේ ‘ගුවාසෝ හයිවේ‘ හම්බන්තොටට…

ජපානයේ කේලයින් ෂිෆින් සමාගමට අයත් ‘ගුවාසෝ හයිවේ’ නෞකාව මෝටර් රථ 7500ක් රැගෙන ඊයේ (18දා) දහවල් හම්බන්තොට මාගම්පුර වරායට සේන්දු විය.

මෙම නෞකාව ප්‍රථම වරට ජපානයෙන් ගමන් ආරම්භ කර තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේය. නෞකාව සිංගප්පූරුවේ සිට ඊයේ දහවල් හම්බන්තොට වරායට පැමිණියේ මෙරටට ගෙන්වන ලද මෝටර් රථ ප්‍රමාණයක් හා ප්‍රතිඅපනයනය කිරීම සඳහා රැගෙන ආ මෝටර් රථ 1000ක් ගොඩ බෑම සඳහාය.

මෙම නෞකාව ලංකාවට පැමිණියේ පළමු අවස්ථාවට වන අතර, මෝටර් රථ ගොඩ බෑමෙන් පසු නෞකාව අද (19දා) අලුයම 1.00 පමණ කොරියාවේ ෂෝල් නුවර බලා පිටත්ව ගියේය.

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

colombotoday

රණවිරුවන් පීඩනයට පත් කරන්න කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ රණවිරුවන් ආරක්ෂා කිරීමට තමා සැමවිටම කැපවෙන බව ජනපති ජාතියට කියයි

colombotoday

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාවට දැනුම්දීමක්

colombotoday

රට රැකියා දෙනවා කියා මුදල් ගැරූ දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

පැහැරගැනීමක්, පහරදීමක්, ලිංගික හිරිහැර හෝ මානසික ලෙඩ නෑ… ස්විස් නාඩගම අතේ පත්තු වෙයි.. සේවිකාවට නඩු !

colombotoday

13 ගැන ජනපතිගේ පොරොන්දුවට විමල්ගෙන් සැර ප්‍රතිචාරක්

Admin