Uncategorized

මෙවර උසස් පෙළ ප්‍රතිඵල වල වෙනසක්…

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විද්‍යා ගණිත , ඉන්ජිනේරු සහ ජෛව තාක්ෂණ විශය ධාරාවල සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ ගොස් තිබේ.

ජීව විද්‍යා අංශයෙන් 2017 වසරේ උසස් පෙළට පෙනී සිටි සිසුන් 44229 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 25178 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබීය.එහි ප්‍රතිශතය සියයට 56.88 කි.

එහෙත් මෙවර 2018 ජීව විද්‍යා අංශයෙන් සිසුන් 46244 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 27402 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ.එහි ප්‍රතිශතාත්මක අගය සියයට 59.25 කි.

ගණිත අංශයෙන් ඉකුත් 2017 වසරේදී සිසුන් 32075 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 17584 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබිණි.එය සියයට 54.82කි.

මේ වසරේදී ගණිත අංශයෙන් සිසුන් 32311 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 18514 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ.එය ප්‍රතිශතයක් ලෙස සියයට 57.20කි

ඉන්ජිනේරු තාක්ෂණ විශය ධාරාව යටතේ සිසුන් 10.682ක් 2017 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ඉන් 6163 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ. මෙවර 2018 වසරේදී එම විශය ධාරාව යටතේ සිසුන් 13950 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 80977 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 58.04කි.

මීට අමතරව 2017 වර්ශයේදී ජ්‍යෛව තාක්ෂණික විශය ධාරාව යටතේ සිසුන් 6970 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 4303ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා තිබේ.සමත් වූ සංඛ්‍යාව සියයට 61.74 කි.

එහෙත් මෙවර ජෛව තාක්ෂණ විශය ධාරාව යටතේ සිසුන් 9463 ක් පෙනී සිටි අතර විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඉන් 6088 ක් සුදුසුකම් ලබා තිබේ.එය සියයට 64.33කි.

Lankadeepa

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

colombotoday

සහරාන් අත්අඩංගුවට ගන්න 2018 දී වරෙන්තුවක් අරන්

colombotoday

ජෙයරාජ් ඇතුළු 16ක් ඝාතනයට සැක දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday

වත්කම් බැරකම් හොයන්න, ඇමති බදුර්දීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

colombotoday

කෙරවලපිටිය විදුලි බලාගාරයත් වැසෙයි

colombotoday

අමාත්‍යාංශවලට, රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන ගෙන්වීම තහනම් – ජනපති නියෝග කරයි !

colombotoday