Colombo Today Local News

මැතිවරණයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් !

මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(06) ප්‍රකාශ කළේය.

දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයද 19වන සංශෝධනයෙන්ම ප්‍රතිඵලයක් බවත් අගමැතිවරයා පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී අද(06) පැවැති මාධ්‍ය වේදීන්ගේ හමුවකදී අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසුව හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණයට යාමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා කීවේය.

මේ අතර, ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයාද මෙවර මහමැතිවරණයට පොදුජන පෙරමුණ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන බව අගමැතිවරයා කීවේය.

අගමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්, අජිත් නිවාඩ් කබ්රාල්, යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද එම සාකච්ඡාවට සහභාගී වූහ

Related posts

රාජ්‍ය ආදායමට වඩා වැඩි දූෂණ වංචා.. කෝපා කමිටුව වසර 100ක් පුරා කරුණු සෙව්වත් වැඩක් නැහැ

Admin

ඉහළම තැන්වලින් සජිත්ට කැපිලි… සජිත්ගේ ගෝල්ෆේස් රැළිය යහපාලන රැකියාලාභීන්ට තහනම් !

colombotoday

අස්වැසුම අභියාචනා සලකා බැලීම අවසන්

Admin

නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්

colombotoday

යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කරයි

colombotoday

කොමිසම් වාර්තාව ගැන සෑහීමකට පත්විය නොහැකි.. කොළඹ අගරදගුරු පදවිය කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday