Colombo Today Local News

මහ නායක හිමිවරුන් මට කිව්වා නව ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්න කියලා – මෛත්‍රී ගුණරත්න

අපේ රට තුළ නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් යම්කිසි කණ්ඩායමකට පුද්ගලයකුට අවශ්‍ය පරිදි එය ගෙන ඒමට නොහැකි බවත් එසේ කරන්නේ නම් ජනමත විචාරණයක් තුළින් ජනතාවගෙන් කරුණු විමසිය යුතු බවත් එසේ කරුණු විමසීම සිදුකළ පයින්ම ජනතාව නව ව්‍යවස්ථාව පාගා විසිකර දමන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න පැවැසීය.

මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂක ධුර සහ ව්‍යවස්ථාව සඳහා රට තුළ පැනනැඟී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විමසීමේදී නව ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

මේ දිනවල පවතින කතාබහ අනුව ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න මාධ්‍යවේදීහු නව ආණ්ඩුකාරයාගෙන් විමසීමක් කළහ. ඊට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තව මාස 11ක් තියෙනවා. මොකද මේ තරම් හදිස්සියක්. ඒක ඒ වෙලාවට බලමු. ජනාධිපතිවරණයේ අපේක්ෂක හොයන්න හදිස්සිය තියෙන්නේ මාධ්‍යට. මේ රටේ ජනතාවට කිසිම හදිස්සියක් නෑ. ඒ ගැන ඒ අය සාකච්ඡා කරලා තීන්දු තීරණ ගනියි. කවුද අපේක්ෂකයා කියලා එතකොට කියන්නම්.

නව ව්‍යවස්ථාවකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. මේ රටේ මහ ජනතාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලගෙන පෙළපාළි යන්නේ නැහැ. අනිත් එක තමයි හංගගෙන ගේන ව්‍යවස්ථා අපි පිළිගන්නේ නැහැ. ඒක සුමන්තිරන් මහත්තයාට ඕන විදියට ගේන්න බැහැ. මේ රටේ ව්‍යවස්ථාවක් ගේනවා නම් තුනෙන් දෙකේ බලයක් ගන්න ඕන.

මම මහා නායක හිමිවරු හම්බ වෙන්න ගියාම මගෙන් අහපු එක ප්‍රශ්නයක් තමයි ඔබතුමා මේ නව ව්‍යවස්ථාවට පක්ෂද විපක්ෂද කියලා. ඒකට උත්තරේ දුන්නට පස්සේ තමයි ඇවිල්ලා කතා කරන්න කිව්වේ. එතකොට එතැනින්ම පේනවා මේ රටේ මහා නායක හාමුදුරුවරු කොතැනද ඉන්නේ කියලා. උන්වහන්සේලා මට කිව්වා මේකට සහයෝගය දෙන්න එපා මේකට විරුද්ධ වෙන්න කියලා. ඒ අනුව මම කිසිම සහයෝගයක් ඒ සඳහා ලබා දෙන්නේ නැහැ.

Related posts

සිඟිත්තිය වතුර වළකට වැටී මිය යයි

Admin

කතක් තුවායක සඟවා බන්ධනාගරයට යවන්න හැදූ හෙරොයින්

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවීම මාර්තු 2 වැනිදා – මැතිවරණය අප්‍රේල් 25වැනිදා

colombotoday

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට

colombotoday

මහජන සේවය හරියට නොකල මහනුවර පොලිසියම මාරු කරයි

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි

Admin