Colombo Today Local News

මහින්ද අගමැතිකම ගත්තෙ ඊළග ඡන්දෙ හිරේ ඉදන් කරන්න වෙන නිසයි…

අපරාදෙ මහින්ද මහත්තයා මොකට මේ කරුමයට කර ගැහුවද මන්දා. එදා මහින්ද මහත්තයා විශ්වාසභංගයෙන් පැරදිලා යනකොට පාර්ලිමේන්තුවෙත් ගොඩක් අය හූ කිව්වා. අපිට ඇත්තටම දුක හිතුණා. ඒවාගේ දේවල්වලට භාජන වන්න ඕනෑද කියලා හිතනවා මහින්ද මහත්තයා. උසුලු, විසුලු හූ හඬ මැදින් තමයි නැඟිටලා පාර්ලිමේන්තුවෙන් යන්න සිදුවුණේ. මෙවැනි තැනකට පත්වුණේ මොන හේතුවක් නිසාද කියලා ප්‍රශ්නයක් ඇතිවුණු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ “දේශපාලනවියරුව පරදවමු ප්‍රජාතන්ත්‍රවාදය දිනවමු” තේමාව යටතේ පැවැත්වෙන රැස්වීම් මාලාවේ වාරියපොළ නගරයේ පැවැති ප්‍රචාරක රැස්වීමේදීය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

අපේ ගම්වල අඹ කාලයට අඹ ගහේ මෝරපු බාගෙට ඉදුණු අඹගෙඩි ලේනුන් කනවා. අපි ඒකට කියන්නේ ලේන් කොටේ කියලයි. ලේන් කොටේ ගහේ එල්ලි එල්ලී තියෙනකොට ගමේ දරුවෝ කන්න හදනවා. අපට පුරුද්දක් තියෙනවා ලේන් කොටේ කන්න එපා කියන එක. අපි ගහේ ලේන් කොටයක් ගමේ දරුවකුටවත් කන්න දෙන්නේ නැහැ. හැබැයි ලේන් කොටයක් වගේ තියෙන අගමැති කොටේ භාර ගත්තේ මොකටද. අගමැතිකම අද කොටයක්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 3ක්ම රට කාලා කාලා තව අවුරුද්දයි මාස 03ක් විතර ආණ්ඩුව තියෙන්නේ. ඒක තමයි භාරගත්තේ. ඒක බැලුවොත් ලේන් කොටයක්නේ.

ඒ පැත්තේ අය කියනවා මේ රට මහින්ද මහත්තයා භාර ගත්තේ නැත්නම් මහා විනාශයට යමින් තිබුණලු. තව අවුරුද්දක් ඉවසුවානම් රට අරගෙන කාටවත් වැඩක් නැතිලු. දැන් රට විනාශයට යන්නෙ මොනවයින්ද. ඩොලර් එකට සාපේක්ෂව රුපියල කඩා වැටෙමින් තිබුණා. ආර්ථිකය කඩා වැටුණා. මහින්ද මහත්තයා ආණ්ඩුව ගත්තා. රට බේරා ගත්තද ගන්නකොට 179යි. දැන් 182යි. ඉතින් බේරාගත්තේ නැහැනේ. බන්දුල ගුණවර්ධන ඒ අස්සේ ඉඳලා මාධ්‍යවලට කියනවා රුපියල කඩා වැටෙන එක අතින් අල්ලා නතර කරන්න බැහැ. දැන් අපිට මොකක්ද කිව්වේ රට බේරා ගන්න මහින්ද මහත්තයා ඕනෑ. විකුණන ඒවා බේරගන්න රුපියල කඩා වැටෙන එක බේරා ගන්න ඕනෑ. මේ ඔක්කෝම පට්ටපල් බොරු. දැන් මාසයක් ඇතුළත පෙන්නලා තියෙනවා. උතුරේ වෙන සිද්ධි පෙන්වලා ලොකු බියක් ඇති කළා. ජාතිවාදය වැපුරුවා.

මෛත්‍රිපාල මහත්තයා කිව්වා එතුමා පරාද වුණා නම් එතුමයි එතුමාගේ බිරියයි එතුමාගේ දරුවනුයි අඩි 06ක් පොළොව යට කිව්වා. ඒ නොකියා කිව්වේ මහින්ද මහත්තයා ඝාතනය කරනවා කියලා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනවාරි මාසයේ 08 වැනිදා රාත්‍රියේ ඡන්ද ප්‍රතිඵල ඇහුවේ කොහේද මේ කුරුණෑගල ‍ෙදාඩම්ගස්ලන්ද පොල්වත්තක හැංගිලා. කාට බයේද? එදා ඒ විදියට හැංගිලා හිටිය පොල්වත්තේ මහත්තයා මේ ළඟකදී පත්තරයකට කියලා තියෙනවා ඒ ගැන. දැන් මං දිහාවත් බලන්නේ නැහැ මට පිටුපානවා කියලා. මරු බඩුවක් තමයි. කාට බයේද පොල්වත්තේ ඒ හැංගිලා හිටියේ. මහින්ද මහත්තයාට බයේ. එතුමා තමාගේ ඝාතකයා සමඟ කසාද බඳින්න තියෙන පොරොන්දම මොකක්ද ඒ පොරොන්දුව සදාචාර පැත්තෙන් බැලුවහොත් එය සාර්ථක විවාහයක් නෙවෙයි.

ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව වට්ටලා ඉක්මනින් කොටේ ගත්තේ නැත්නම් නඩු ටික ඉස්සරහට එනවා. නඩු ටික ඉස්සරහට ගියොත් ඊළඟ සැරේ ඡන්දය කරන්න වෙන්නේ හිරේ ඉඳලා.

Related posts

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 80 දක්වා ඉහළට

colombotoday

හල්දුම්මුල්ල කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

colombotoday

නීතිය හා සාමයට ෆොන්සේකාගේ නම එජාපය ජනපතිට යවයි

colombotoday

ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කෙරේ

colombotoday

පොලිස් දඩ පොතේ පිටු 50ක් අතුරුදන්

Admin

කෝලිගේ සුපිරි මඟුලට ආරාධනා ලැබූ ලංකාවේ අමුත්තා – Photos

colombotoday