Colombo Today Local NewsHot News

මරා දැමුවයි කී එක්නැලිගොඩ ජීවතුන් අතර! ව්‍යාජ ගමන් බලපත්‍රයකින් යුරෝපයට පලා ගිය බවට තොරතුරු

අප්‍රකට මාධ්‍යවේදියකු හා කුප්‍රකට LTTE ඔත්තුකරුවකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ මේ වන විට ජීවතුන් අතර සිටිය හැකි බවට තොරතුරු ලැබෙමින් පවතී. එක්නැලිගොඩ බිරිඳ සන්ධ්‍යා හැමවිටම ප්‍රකාශ කරන්නේ ඔහු තවමත් ජීවත්වන බව තම විශ්වාසය බවය. කොළඹ සිට LTTE කටයුතු මෙහෙයවමින් LTTE සාමාජිකයින්ට නවාතැන් සැපයීම, හොර හැඳුනුම්පත්, ගමන්බලපත්‍ර සකසමින් මාධ්‍යවේදියකු ලෙස අප්‍රකටව කටයුතු කල ප්‍රගීත් දක්ෂ චිත්‍ර ශිල්පියකුද වෙයි.

LTTE සාමාජිකයෙකු වූ තවෙන්ද්‍රන් සමග ගනුදෙනු කල ප්‍රගීත් පෙනී සිටියේ රන්ජිත් යන අන්වර්ථ නාමයෙනි. තවෙන්ද්‍රන් හමුදාවට බාර වී හමුදා බුද්ධි අංශයේ ඔත්තු කරුවකු වුවද ඒ බව නොදැන ප්‍රගීත් නොහොත් රන්ජිත් තවෙන්ද්‍රන් සමග දිගු කලක් කටයුතු කර ඇත.එමගින් 2009 පසු LTTE රහස් බොහොමයක් හා පුද්ගලයින් රැසක් හඳුනා ගැනීමට හමුදා බුද්ධි අංශ සමත් වී ඇත. අවසානයේදී මේ බව දැනගත් එක්නැලිගොඩ ව්‍යාජ නාමයකින්, ව්‍යාජ ගමන් බලපත්‍රයක් සාදාගෙන රටින් පිටව ගොස් ඇති බවට සැක පල කෙරේ. මේ පිලිබඳව රාජපක්ෂ රජය යම් පරීක්ෂණ කලද වැඩිදුර තොරතුරු සොයා ගැනීමට නොහැකි විය.

මෙය ඝාතනයක් ලෙස සලකා ප්‍රචාරයක් දීමෙන් රාජපක්ෂ රජය අපකීර්තියට පත් කල හැකි නිසා විදේශ මුදල් මේ සමග ගලන්නට විය. එක්නැලිගොඩ ජීවත්වන බව හිටපු නීතිපති මොහාන් පීරිස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු විසින් මීට ඉහතදී ප්‍රකාශ කෙරුණි. LTTE නායකයින් විසින් ඔහුගේ ඝාතනය ප්‍රචාරය කිරීමට විදේශවල සිට මුදල් ලබා දුන්නද එක්නැලිගොඩ හමුදා බුද්ධි අංශ වලට රැවටීම නිසා සිය ජාල හා රහස් හෙළි වීම හේතුවෙන් LTTE සංවිධානය එක්නැලිගොඩ සමග සිටින්නේ යම් ද්වේශයකිනි. ප්‍රගීත් ඝාතනයට ඇමති චම්පික සම්බන්ද බවට ද කටකතා පතුරවන ලදී. එමෙන්ම හමුදාව රසායනික අවි භාවිත කිරීමක් ගැන සිදුකල තොරතුරු හෙලිකිරීමක් හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ගේ උපදෙස් මත ඔහු ඝාතනය කල බවටත් කට කතා පතුරවන ලදී.

අද රහස් පොලිසිය කටයුතු කරන්නේ කෙසේ හෝ මේ සිද්ධිය සම්බන්දව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය අත්අඩංගුවට ගැනීමටය. සිය බිරිඳ සමග දැඩි සම්බන්දයක් පසු කාලීනව නොපැවැත්වූ එක්නැලිගොඩ විදේශ ගත වුවද ඔහු ගැන සෙවීමට සිය පවුලට අමතරව, හමුදා බුද්ධි අංශ පමණක් නොව LTTE කටුතු කරන නිසා ඉතා සුක්ෂමව සැඟවී සිටීමට ඔහු යුරෝපය තෝරා ගත හැකි බවටත් සැක පහළ වේ. යුරෝපයේ රටක සංචාරයේ යෙදුනු සනාධ්‍යා එක්නැලිගොඩ ඉතාම රහසේ ප්‍රංශයට පැමිණ ඇත්තේ සැඟවී සිටින එක්නැලිගොඩ හමුවීමටද? යම් අරමුදල් ප්‍රමාණයක් ලබා ගැනීමටද ? නැතිනම් LTTE පිරිසක් හමු වීමටද යන්න ගැන කතා බහක්ද පැතිර යමින් පවතී.

කෙසේ වුවත් එක්නැලිගොඩ සිංහල කොටියෙක්වුවත් නීති ප්‍රකාරව දඩුවම් දෙනවා මිසක ඔහුව ඝාතනය කිරීමට කිසිවකුටත් අයිතියක් නොමැති බව ColomboToday මතයයි.

Related posts

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

colombotoday

අද කැබිනට් සංශෝධනයෙන් පුරාවිද්‍යාව අකිලගෙන් ඉවත් කෙරේ?

colombotoday

මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර ආනයනය කිරීමට සැලසුම්

colombotoday

12ත් 15ත් අතර ළමුන් එන්නත්කරණය ඇරඹෙයි

colombotoday

පන්සල වට කල යහපාලන පොලිසිය රාජකාරියට බාදා කළායැයි ඥානසාර හිමිට විරුද්ධව ගොනු කල නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් පලා යෑම වැළැක්වීමට ඉන්දියාවෙන් විශේෂ මෙහෙයුමක්…

colombotoday