Colombo Today Local News

මම හිතුවෙ වැඩි ඡන්ද දහදාහකින්වත් දිනයි කියලා – ජෝන්

තමන් සිටියත් නොසිටියත් ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවැසීය.

අද ගම්පහදී පැවැති මාධ්‍ය හවුමකදී ඔහු මේ බව පැවැසීය.

” මෙම මැතිවරණයේදී අපට විරුද්ධව සහ මධ්‍යස්ථව කටයුතු කළ සියලුම මාධ්‍යයටද ස්තුතිවන්ත වන අතර සුදු වෑන් නොඒවායි කියා ප්‍රාර්ථනය කරනව. මෙම මැතිවරණයේ ප්‍රතිඵල සමාලෝචනයක් කළ යුතුයි. පසුගිය මැතිවරණයෙන් අපි ගම්පහ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 4450 කළ අතර මෙවර වැඩි ඡන්ද 10,000 කින්වත් ජයග්‍රහණය කරාවි කියල මම හිතුව. එයයි ඉලක්කය වුණේ.

ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක් තිබෙනව. අපිට ආරංචි විදියට ලබන පෙබරවාරි අග පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේ විසි ගණන්වල මැතිවරණය පවත්වනව.

නව ජනාධිපතිවරයා පිළිගැනීම පණිස පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රැස්වීමේදී මේ ගැන ප්‍රකාශ කරාවි කියා සිතනවා. මේ නිසා මගේ එකම ඉල්ලීම අපි හිටියත් නැතත්, ඉදිරි මැතිවරණයේදී අපි ජයග්‍රහණය කිරීම පිණිස කටයුතු කළ යුතුයි.”

Related posts

තේ පොහොර මිලට සහනයක්

Admin

ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවම

Admin

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

colombotoday

ඊශ්‍රායලය හා ලංකාව අතර නව ගුවන් සේවා සම්මුතියක්

Admin

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ් – සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

colombotoday

අධිවේගයේදී වැට පැනල බස් මාරු කරපු රියදුරන්ට උනුදේ

colombotoday