Colombo Today Local News

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 309 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සහ මත්පැන් ළඟ තබා ගත් පුද්ගලයින් 309 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(23)දින උදෑසන 6.00 සිට අද අලුයම 05.00 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

එහිදි හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 116 දෙනෙකු, ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 35 දෙනෙකු , නීති විරෝධී මත්පැන් ළඟ තබාගත් පුද්ගලයින් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝඩා ළඟ තබා ගත් පුද්ගලයින් 23 දෙනෙකු සහ අයිස් ඇතුළු විවිධ මත්පෙති ළඟ තබා ගත් පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම විශේෂ මෙහෙයුම දිනපතා සිදුකිරීමට නියමිත බව ද නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

Related posts

අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර

colombotoday

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට

Admin

“කාන්තාවන් මැදපෙරදිග නොයවා ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න බෑ” – ෆොන්සේකා

colombotoday

මහරගම ගම්මාන තුනක් හුදකලා කරයි

colombotoday

තොන්ඩා බස් 40ක් ගිලලා !

colombotoday

මේ රටේ කොතනත්, ධර්මදේශනා නවත්වන්න අපට බෑ.. පොලීසිය කුලියාපිටියේ මව්ලවිට දන්වයි

colombotoday