Colombo Today Local News

මේ රටේ කොතනත්, ධර්මදේශනා නවත්වන්න අපට බෑ.. පොලීසිය කුලියාපිටියේ මව්ලවිට දන්වයි

muslim kpt22රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් කුලියාපිටියේ විහාරස්ථානයක අද (10) දින පැවැත්වීමට සූදානම් කර ඇති ධර්ම දේශනය නවත්වන ලෙස කුලියාපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු 10 දෙනෙකු විසින් කරණ ලද ඉල්ලීම ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන් විසින් ඉවත දමා තිබෙනවා.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් පවත්වන අගමික වැඩසටහන නිසා අසල මුස්ලිම් පල්ලියට ගැටළු ඇතිවිය හැකි බැවින් එම වැඩසටහන අත්හිටුවන ලෙස ඉල්ලමිනුයි එහි මව්ලවිවරයා ඇතුළු පිරිසක් පොලීසියට පැමිණිළි කර තිබුණේ.

ඊයේ සවස 2.30 ට පමණ ප්‍රදේශයේ මහා සංඝරතන්ය වැඩමවා, ප්‍රජා නායකයින් හා මුස්ලිම් පල්ලි ප්‍රධානින් සමග පොලිස් ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරන ධර්ම දේශනා රටේ කොතනක පැවැත්වූවත් එය නැවත්වීමට පොලීසියට කිසිදු හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති බව පොලිස් ප්‍රධානීන් විසින් එහිදී අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් කවර හෝ පුද්ගලයෙකු නීතියට පිටින් කටයුතු කළහොත් දැඩිව ක්‍රියාත්මක වන බවද පොලීසිය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

අනවසර ගොඩ කිරීම් හා ඉදිකිරීම්වලට දැඩි නීති

colombotoday

පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි

colombotoday

ජනපතිගේ ආරාධනය විපක්ෂ නායක පිළිගනී

colombotoday

පිදුරුතලාගල රක්ෂිතයේ සැකකටයුතු මළසිරුරක්

Admin

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි තබා ඝාතනය කෙරේ.

colombotoday

IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිල දී ගැනීමට අනුමැතිය

colombotoday