Colombo Today Local News

මහරගම ගම්මාන තුනක් හුදකලා කරයි

කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වීම නිසා මහරගම නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රගතිපුර,වෙල්සිරිපුර සහ රාහුලපුර යන ගම්මාන තුන හුදකලා කිරීමට පියවර ගත් බව මහරගම නගර සභාව පවසයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධ මාළු ව්‍යාපාරිකයින් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වීම නිසා මෙම පියවර ගෙන ඇති බව මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ඥානසිරි දයානන්ද මහතා පැවසීය.

ඒ අනුව ප්‍රගතිපුර,වෙල්සිරිපුර හා රාහුලපුර යන ප්‍රදේශවල පවුල් 1600 කට ආසන්න පිරිසකගේ සංචරණ සීමා සම්පූර්ණයෙන්ම සීමා කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා පොලීසිය එක්ව පියවර ගෙන තිබේ.

මේ වන විට එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කිරීමට ද පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Related posts

හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම ඇමති ඉල්ලයි

Admin

බිරිඳ දමා සිරකර සැමියා ගෙට ගිනි තියලා

Admin

ඇල්ල වැල්ලවාය මාර්ග‍යේ එක් මංතීරුවක් යළි විවෘත කරයි

Admin

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

සිමෙන්ති මිල රු. 500 කින් ඉහළට

colombotoday

පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසදන්න විශේෂ යාන්ත්‍රණයක්

colombotoday