Colombo Today Local News

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. දෙවන දිනටත් CIDයට

හිටපු ඇමති මංගල සමරවීර මහතා දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.

ඉකුත් ජනාධිපතිවරණය දිනයේ රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් උතුරු පළාතේ ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීමට රුපියල් ලක්ෂ 95 ක මුදලක් වියදම් කිරීමට අනුමැතිය දුන්නේ යැයි ලැබී ඇති පැමිණිල්ලක් මත පසුගිය 14 වෙනිදාද හිටපු අමාත්‍යවරයාගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත් අතර හිටපු ඇමැතිවරයා එහිදී මාධ්‍ය වෙත කියා සිටියේ තමන් එම මුදල වියදම් කළ බව පිළිගන්නා බවයි.

ඒ සඳහා තමන් අත්සන යෙදූ බවත් තම අනුමැතියෙන් එය සිදු වූ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් එම චෝදනාව එල්ල වී තිබෙන හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා එකී චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

Related posts

ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ අලුත් තීරණයක්

colombotoday

ජනපතිත් රවටා, රටට හොරෙන් අත්සන්කළ සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී

colombotoday

රන්ජන් තනි සිරකුටියක රඳවයි

colombotoday

මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගැන අපව දැනුවත් කර තිබුණේ සතියකට කලින්…

colombotoday

නාමල් රාජපක්ෂට තවත් තනතුරක්

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබද තේරීම් කාරක සභා වාර්තාව රටම නොමග යවන මුලාවක් – ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක් !

colombotoday