Colombo Today Local News

පාස්කු ප්‍රහාරය පිළිබද තේරීම් කාරක සභා වාර්තාව රටම නොමග යවන මුලාවක් – ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක් !

පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව තමා කිසිසේත්ම නොපිළිගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (29) පැවැති කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත.

මෙය දේශපාලන වශයෙන් ඉදිරිපත් කරන ලද ද්වේෂ සහගත ලියැවිල්ලක් බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද (29) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

තේරීම් කාරක සභා වාර්තාව දැඩි සේ විවේචනය කර ඇති ජනාධිපතිවරයා එය කැබිනට් මණ්ඩලය අනුමත කළ ලියැවිල්ලක් ලෙස නොසලකන ලෙස දැනුම් දී ඇත. එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ බව පමණක් සදහන් කරන ලෙස ප‍්‍රකාශ කර ඇති ජනාධිපති සිරිසේන මහතා මෙය රට නොමග යවන ලියැවිල්ලක් බවට  ප‍්‍රකාශ කර තිබේ.

Related posts

මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් තොගයක් සොයාගනී

colombotoday

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

කොමිසම් 02කට නව සභාපතිවරු පත් කරයි

Admin

වාලච්චේන ජාතික කඩදාසි කම්හල මාස කිහිපයකින් ආරම්භ කරනවා – විමල්

colombotoday

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

colombotoday

හිටපු රග්බි සභාපති ක්‍රීඩා ඇමතිගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

Admin