Colombo Today Local News

බූරු ප්‍රශ්නවලට උත්තර දෙන්න මං ලෑස්ති නෑ, ඇවන්ගාඩ් ගැන මං කීවේ ඇත්තම ඇත්ත, මාරපන ආයෙත් කියයි

avent gurdඇවන්ගාඩ් සිද්ධිය පිළිබඳව තමා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම සත්‍ය බවත්, ඒ පිළිබඳව ඇතැම් පුද්ගලයන් සහ සංවිධානයන් තමාට එරෙහිව කරන ප්‍රකාශවලට තමා කිසිසේත් බිය නොවන බවත්, නීතිය හා සාමය පිළිබඳ ඇමැති තිලක්‌ මාරපන මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍යවලින් වැඩි ප්‍රචාරයක්‌ ලබා ගැනීමේ අදහසින් ඔවුන් තමා පිළිබඳව විවිධ මත ප්‍රසිද්ධ කරන අතර එම පුද්ගලයන් කවුදැයි රටේ ජනතාව හොඳ අවබෝධයෙන් සිටින බව ද හෙතෙම පැවැසීය.

“මට පුදුම අපේම කීපදෙනෙකුත් මෙය ඇත්තක්‌ දැයි කියා මගෙන් විමසීමයි. මෙවැනි බූරු ප්‍රශ්න පිළිබඳව තවදුරටත් කතා නොකරන ලෙස ඔවුන්ගෙන් මා ඉල්ලා සිටිනවා. යැයිද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇවන්ගාඩ් පිළිබඳව මා කළ ප්‍රකාශය සම්පූර්ණ ඇත්තයි. පිටරට කොම්පැනි 50 – 60 ක පමණ බඩු මෙම නැවේ තිබෙනවා. මෙහි තිබූ අවි ආයුධවලට ශ්‍රී ලංකා රජය මගින් බලපත්‍ර දෙන්න ඕනෑ නැහැ. ඒවාට බලපත්‍ර දෙන්නේ අදාළ වෙනත් රටවල්. ඔවුන්ගේ නැව්වල ආරක්‍ෂාව සඳහා මෙම ආයුධ රැගෙන යනවා. පසුව ඔවුන් ඒවා රිටන් කරනවා. අපේ සමහරු මේවා මුකුත් නොදැන විවිධ කතා ගොතනවා. ඒ මගින් ඔවුන් ප්‍රසිද්ධියක්‌ ගන්න හදනවා යැයිද ඇමතිවරයා පැවසීය.

– දිවයින

Related posts

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩාදැමීම ගැන පරීක්ෂණ විධිමත් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

colombotoday

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට එයි – උසස් පෙළ අවුරුදු 17 දී

Admin

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා ණය ලබාගෙන

colombotoday

වව්චරේ අවුල්… දෙමව්පියෝ අකිල ඇමතිතුමාගේ මෑණියෝ සිහි කරනව – බුද්ධික පතිරණ

colombotoday