Colombo Today Local News

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

බීමතින් මෝටර් රථයක් ධාවනය කර රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම 5.15 ට පමණ බොරැල්ල, කිංසි පාරේදී එම අනතුර සිදු ව ඇති බවයි.

අනතුරින් සුළු තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණි.

එම අවස්ථාවේ දිමුත් කරුණාරත්න බීමතින් සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇති.

Related posts

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීම : තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

Admin

රිෂාඩ් බදුයුදීන් එල්ල කල මරණ තර්ජනය ගැන සහකාර අධිකාරීවරයෙකු යොදවා වෙනම පරීක්ෂණයක්

colombotoday

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

“උතුර නැගෙනහිර ඒකාබද්ධ කර රට අනාගමික කරන්න” – TNA

colombotoday

IOC යන් ඉන්ධන මිළ පහත දමයි…

colombotoday

පොහොට්ටුවට එක්වන්න ආ ෆයිසර් මුස්තාපාව පන්නා දමයි !

colombotoday