Colombo Today Local News

මෛත්‍රීගේ මී ළඟ තුරුන්පුව, සජිත් අගමැති කර රනිල්, මලික්, කබීර්, රවී අත්අඩංගුවට ගැනීමද?

එක්සත් ජාතික පක්ෂයේ සහයෝගයෙන් ජනාධිපති ධූරයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන, වසර 4ක් පුරාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව ගෙනගිය පාලනය අවසන් කරමින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත් කර, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ලෙස පත් කිරීමට පසුගිය වසර අවසානයේදී කටයුතු කලත් පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිවීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ යලි පත් කිරීමට සිදුවිය.

2019 වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සිරිසේන ජනාධිපතිවරයා මීට සැහෙන්න කාලයකට පෙර තීරණය කර තිබුනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඔහුට චන්ද ලක්ෂ 5 සිමාවටවත් ලඟාවිය නොහැකි බව දේශපාලන ක්ෂේත්‍රයේ කවුරුත් දන්නා කරුණක්. එ නිසාම, සිරිසේන ජනාධිපතිවරයාගේ නැවත වරක් ජනපති වීමේ සිහිනය සැබෑ කර ගැනීමටනම්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය සමග එකතුව තරඟ කිරීම අනිවාර්යය.

ගෝඨාගමනයට සිරිසේන පාර්ශවයෙන් බාල්දියක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන නායකත්වය පොහොට්ටුව ලකුණ යටතේ සිරිසේන ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දීම පැහැදිලි ලෙසම ප්‍රතික්ෂේප කර ඇත. මහින්ද රාජපක්ෂ නාමය වටා එක්වුණු පොහොට්ටු පාක්ෂිකයින් තම නායකයාට 2015 ද්‍රෝහී වූ සිරිසේන ජනපතිට තම ඡන්දය භාවිතා කරාවිද යන ගැටලුවද ඇත. ඒ සියල්ල කෙසේ වුවද පාක්ෂිකයින් ඉල්ලා සිටින්නේ රාජපක්ෂවරයෙකු බවනම් සැබෑය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ තීරණයත් සමග ජනාධිපති සිරිසේන වටා සිටින බොහෝ දෙනෙකු පසුගිය මාස කිහිපය තුල භීතියට පත්ව තිබුණි. ඒ වෙන හේතුවක් නිසා නොව ගෝඨාභය රාජපක්‍ෂ මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා සියල්ල සම්පුර්ණ කිරීම, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනපති මෛත්‍රීට ඉදිරිපත්වීමට තිබෙන අවස්ථාව අවම කිරීමක් වන බැවිනි. ඒ නිසාම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීම කඩා කප්පල් කිරීම සඳහා ජනාධිපතිවරයාට සමීප පුද්ගලයින් විශේෂ මෙහෙයුමක් දියත්කර තිබුණි.

ජේෂ්ඨයන් සිරගෙට. එජාප නායකත්වය සජිත්ට

මේ අතරතුර නැවත වරක් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කිරීමටද පිඹුරුපත් සකස් කරමින් පවතී, මේ වන විට සැමට හොර රහසේ එජාපය තුල සිටින ජේෂ්ඨයන් සමග වෙන වෙනම ජනපති සිරිසේන ගනුදෙනු කරමින් සිටියි. එජාප නායකත්වය සජිත් ප්‍රේමදාසට රැගෙන දීමට, එජාපයේ සිටින රනිල් විරෝධී පිල සමග ජනපති සිරිසේන “නූල් සුස්තර” මෙහෙයුමක් අරඹා ඇති බවට පසුගිය සතියේ කසුකුසුවක් පැතිරව ගොස් තිබුණි. බැඳුම්කර සිදුවීම සම්බන්දයෙන් රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් කොටු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් දියත් කෙරෙමින් පවතින බවටද පසුගිය සතියේ රාවයක් පැතිරගොස් තිබුනේ අර්ජුන් ඇලෝෂියස්ගේ පියා ඇතුළු කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමත් සමගය. රනිල්,රවී,මලික්, කබීර් හතර දෙනා එජාප ගේම් එකනේ ඉවත් කිරීමෙන් පසු නිසැක ලෙසම සජිත් ප්‍රේමදාස එජාප නායකයා වෙනු ඇත. එය එසේ සිදුවුවහොත්, මීළඟ ජනාධිපතිවරණයේදී එජාප, ශ්‍රිනිප පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේනත් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසත් ඉදිරිපත් වනු ඇත.

කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රටේ ජනතාවගේ විශ්වාසය දිනගනිවිද යන සැකය ඔහුට හිතවත් බොහෝ දෙනා මෙන්ම රටේ ජනතාව තුලද හටගෙන ඇත.

– ColomboToday.com දේශපාලන විග්‍රහයකි –

Related posts

සංවිධානාත්මක අපරාධකරුවෙක් STF වෙඩි පහරකින් ජීවිතක්ශයට

Admin

කරාපිටිය රෝහලෙත් සැත්කම් නවතයි

colombotoday

බන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් පෙන්වීම නැවත් අරඹයි

colombotoday

පළමු නිල ජන්ද ප්‍රථිපලය දහවල් 1.30 ට

colombotoday

නීති විරෝධී මත්පැන් පොලිසියට අල්ලන්න බෑ

colombotoday

පාකිස්තානූ තානාපති කාර්යාලයට සම්බන්ද තිදෙනෙක් මාතරදී පොලීසියට තග දමති.

colombotoday