Colombo Today Local News

පොලිසිය රාජිත සේනාරත්නගේ මාධ්‍ය ලේකම්ගේ නිවසට යයි. පරිගණකයේ තිබූ දත්ත රැගෙන යයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ මාධ්‍ය ලේකම් මලිත් විජේනායකගේ නිවසට පසුගිය සෙනසුරාදා (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ දත්ත රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

එම අවස්ථාවේදී ඔහු නිවසේ සිට නොමැති අතර පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට පසුගිය සතියේ දෙවතාවකදී පොලිසිය ඔහුට දන්වා තිබූ බව ද වාර්තා වේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත විසින් සිදුකල ආන්දෝලනාත්මක “සුදුවෑන් රියදුරු” මාධ්‍ය හමුව සඳහා මාධ්‍ය කැඳවා ඇත්තේ මලිත් විජේනායක වන අතර මෙම මාධ්‍ය හමුව පැවැත්වූ දින Colombo Today මේ පිළිබඳව ඔහුගෙන් විමසීමක් සිදුකලා. එහිදී මාධ්‍ය හමුව කැඳවන ලෙස රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා පැවසූ බවත් ඔහුගේ උපදෙස් පරිදි මාධ්‍යය කැඳවීම තමාගේ රැකියාව බවත් මාධ්‍ය හමුවට පැමිණෙන පුද්ගලයින් ප්‍රකාශ කරන දේ සත්‍යය ද අසත්‍යය ද යන්න තමා නොදන්නා බවත් ප්‍රකාශ කර සිටියා.

මේ වනවිට ඔහුගේ දුරකථනය ද විසන්දි වී ඇති අතර පොලිසිය අත්අඩංගුවට ගත් බවට ද තොරතුරු වාර්තා නොවේ.

Related posts

මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් පාර්ලිමේන්තුවේ ඊළගට කරන දේ ප්‍රසන්න රණවීර කියයි..

colombotoday

බෞද්ධයා නාලිකාව, අධිරජ ධර්මාශෝක අන්තවාදියිලු.. සංහිදියාවට බාධාවක්ලු !

colombotoday

කොටස් වෙළෙඳපොළ ගණුදෙනු සඳහා අද විවෘතයි

colombotoday

අම්බලන්ගොඩත් අද වෙඩි පත්තුවෙයි

Admin

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

ඩොලර් නෑ.. සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

colombotoday