Colombo Today Local News

පොල් මිල පාලනයට නව වැඩපිළිවෙලක්

මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න වැඩි කිරීම සිදුකරනු ඇති. ඒ සදහා පුරන් කුඹුරු සහ රජයේ ඉඩම්වල පොල් වගා කිරීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ. එමගින් දිනෙන් දින ඉහළ යන පොල් මිල පාලනය කිරීමට හැකිවනු ඇති බව පොල් කිතුල් තල් හා රබර් වගා ප‍්‍රවර්ධනය හා ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියා සිටියා.

මේ වන විට වෙළෙදපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 85 ත් 95 ත් අතර අධික මිලකටයි. පොල් අස්වැන්න අඩු වීම හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇති බවයි පොල් වෙළදුන් පවසන්නේ. පොල් මිල සම්බන්ධයෙන් ඉකුත්දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද අවධානය යොමුව තිබුණා.

මේ අතර සගවා තිබෙන සහල් තොග වෙළඳපලට නිකුත් නොකරන්නේ නම් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ ප‍්‍රකාශ කළා. ඒ, සහල් මෝල් හිමියන් සමග වෙළඳ අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදීයි.

Related posts

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකු අසාදු ලේඛනයෙන් ඉවත් කරයි

Admin

පවුල් ආරවුල් මැද්දට පැන්න නෑනා මස්සිනාගෙන් වෙඩි කයි

Admin

වැඩි මිලට සහල් අලෙවි කළහොත් දඩය ලක්ෂ 50යි… මාස හයක් හිරේ

colombotoday

බ්‍රැන්ඩික්ස් ආයතනයට එරෙහිව වහා අපරාධ විමර්ශනයක් ආරම්භ කරන්න | නීතිපතිගෙන් පොලීසියට නියෝග

colombotoday

දැන් කවුරුන් කුමක් කීවත්, මා නොසිටියානම් යුද්ධය තවත් ඉවර නෑ.. එය තමයි ඇත්ත

colombotoday

බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අන්තර්ජාලයට

colombotoday