Colombo Today Sports News

2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ඇරඹේ

2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා.

ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අවස්ථා කිහිපයකදි කල්දැමුණේ කොරෝනා වෛරසය එරට තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත විම හේතුවෙන්. ඒ අනුව නරඹන්නන්ගෙන් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙවර අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කළා.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ශූරයින් වන රෝහිත් ෂර්මා නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පසුගිය වර අනුශූරයින් වූ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අබුඩාබි හිදි අද තරග වැදීමට නියමිතයි. එම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.30ට ආරම්භ වනවා.

දින 52ක් පුරා පැවැත්වෙන මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 10 වැනිදා පැවැත්විමට නියමිතයි. අවසන් මහ තරගය පැවැත්වෙන දිනය ප‍්‍රකාශයට පත් කළද අවසන් වටයේ තරග පැවැත්වෙන දින වකවානු මෙතෙක් අයි පී එල් තරග සංවිධායකයින් විසින් ප‍්‍රකාශයට පත්කර නැහැ.

අයි පී එල් තරගාවලියන් ඉන්දියවෙන් පිටත පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර 2009 වසරේදී අයි පී එල් තරගාවලිය සදහා දකුණු අප‍්‍රිකාව සත්කාරකත්වය දැරුවා. ඒ, එවක ඉන්දියාවේ පැවති මහ මැතිවරණය සහ ආරක්ෂක වාතාවරණය හේතුවෙන්.

මේ අතර මෙවර අයි පී එල් තරගාවලියේ එකම ශ‍්‍රී ලංකා නියෝජනය වන්නේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඉසුරු උදානයි. ඔහු මෙවර විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරනවා. එහිදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම ඉසුරු උදානව මිලදී ගත්තේ ඉන්දිය රුපියල් ලක්ෂ 50කටයි.

ලසිත් මාලිංග පෞද්ගලික කරුණක් හේතුවෙන් මෙවර අයි පී එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන්නේ නැහැ. මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මුත්තයි මුරලිදරන් ඬේවිඞ් වෝර්නර් නායකත්වය දරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙ පන්දුයැවීම් පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

මුම්බායි ඉන්දියන් කණ්ඩායම සිවුවතාවක් අයි පී එල් ශූරතාව දිනා ගත් අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවස්ථා 3කදී අයි පී එල් ශූරයින් බවට පත් වුණා. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අවස්ථා දෙකකදී අයි පී එල් ශූරතාව දිනා ගත්තා.

Related posts

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

colombotoday

“ලංකාවේ ක්‍රිකට් විනාශ කරා.. අවුල් ජාලයක් කරා…” – මුරලිගෙන් දේශපාලකයන්ට ප්‍රබල චෝදනාවක්

colombotoday

වෙරළ වොලිබෝල් පාඨමාලාවකට අයැදුම්පත් කැඳවයි

colombotoday

ලෝකෙම ඉදිරියේ කැතකම පෙන්වූ බංගලි ක්‍රීඩකයන්ට ICC දුන්නු දඩුවම මෙන්න

colombotoday

අවසන් T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23ක පරාජයක්

colombotoday

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් සටන අදින් ඇරඹේ

colombotoday