Colombo Today Local News

පුනුරුත්තාපනය වූ LTTE සාමාජිකයින් ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ මෙහෙයුමක

පුනුරුත්තාපනය වූ LTTE සාමාජිකයින්ගේ දේශපාලන පක්ෂයේ නායකයා ඇතුළු පිරිසක්, බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිසක් රාජගිරිය බොදු බල සේනා මහ ලේකම් කාර්යාලයේදී අද(4) හමුවීය.

එහිදී ලිකිත සිංහල ප්‍රකාශයක් මාධ්‍ය වෙත පුනුරුත්තාපනය වූ LTTE සාමාජිකයින්ගේ දේශපාලන පක්ෂය විසින් ලබා දුන් අතර රටේ ගොඩනැගෙන මුස්ලිම් අන්තවාදය පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ ඥානසාර හාමුදුරුවෝ ගොඩක් කතා කළ බවත් රටට සිද්ධවෙන අනතුර උන් වහන්සේ පෙන්වා දුන් බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

“අපි හිතන්නේ උන්වහන්සේ කිසිම ජන කොට්ඨාශයකට විරුද්ධ කෙනෙක් නෙවෙයි කියලා. රටට ආදරේ කරන ඕනිම කෙනෙක් සිද්ධ කල යුතු වැඩකොටසක් තමයි උන්වහන්සේ කලේ. අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන්ගෙන් සිංහල, දෙමල වගේම අහිංසක මුස්ලිම් ජනතාව බේරාගන්න ඥානසාර හාමුදුරුවන්ගේ හඬ මේ රටට අවශ්‍යයි. උන්වහන්සේ මත ජාතිවාදී ලේබලය අලවලා විනාශ කරන්න උත්සහ ගන්නෙත් මේ මුස්ලිම් අන්තවාදී සංවිධානවල දේශපාලකයන් සහ ඔවුන්ගේ මුදල්වලින් යැපෙන පුද්ගලයින්. ඒ නිසා උන්වහන්සේට හැකි ඉක්මනින් නිදහස ලැබී රට වෙනුවෙන් පෙනී ඉන්න අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා වගේම දෙමල ජනතාව උන්වහන්සේ සමග සිටිනවා කියන දෙයත් මතක් කරන්න අවශ්‍යයි.”

“ඔබට මතක ඇති මීට දින කීපයකට ඉහතදී, උතුරු,නැගෙනහිර පළාත්වල හිස්බුල්ලා සහ රිෂාඩ් බදුර්දීන් කියන ඇමතිවරු විසින් අන්තවාදය පෝෂණය කරමින් සිදුකරන කටයුතු පිළිබඳව අපි… LTTE සංවිධානයේ සිට පුනුරුත්තාපනය වී මේ රටට සැබෑ ලෙස ආදරය කරන පිරිසක් වශයෙන් හෙළි කිරීමක් සිදුකලා. එම හෙළි කිරීමත් සමගම අන්තවාදීන් දැඩි ලෙස කලබල වී සිටින බවක් පෙනෙන්නට තිබෙනවා. අපේ පක්ෂයේ සාමාජිකයන්ට මරණ තර්ජනය කරමින් ඔවුන්ගේ අන්තවාදයේ සැබෑ මුහුණුවර පෙන්නමින් දැන් කටයුතු කරන ආකාරය පිළිකුල් සහගතයි. මම ඔබ සියලු දෙනාගෙන් අහන්න කැමති මේ රටට අනතුරක් වෙන්න යනවනම්… මේ රටට ආදරය කරන පුද්ගලයින් වශයෙන් ඒ ගැන කතා කිරීම වැරද්දක්ද කියලා…”

“අපේ මේ දේශපාලන ව්‍යාපාරය රජයට විරුද්ධව යන දෙයක් නොවෙයි. උතුරු නැගෙනහිර, විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ සිද්ධවෙන දේවල් පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයට හරිහැටි කරුණු වාර්තා වෙනවද කියන එකනම් අපි දන්නේ නෑ.. මොකද එම පළාතේ වැඩ කරන බුද්ධි අංශ සාමාජිකයින් විශාල ප්‍රමාණයක් මුස්ලිම් ජාතිකයන්. ඔවුන් කරුණු වසන් කරලා තමයි කොළඹට වාර්තා කරන්නේ. නමුත් එම පළාතේ ජීවත්වෙන පුද්ගලයින් වශයෙන් අපිට දකින්නට තිබෙන දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. දැන් ශ්‍රී ලංකික මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානවලට බැඳිලා ප්‍රහාර සැලසුම් කරලා වෙන රටවලදී අත්අඩංගුවට පත්වෙලා තිබෙනවා. එවැනි කටයුතු ශ්‍රී ලංකාවේ සිද්ධ නොවෙනවා කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්? අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා නැගෙනහිර පළාතේ එවැනි සැකකටයුතු ක්‍රියාවන් විශාල වශයෙන් සිද්ධවෙනවා කියලා. මේ පිළිබඳව සොයා බැලීම රජයේ වගකීමක්. මොකද මේ රටට තවත් යුද්ධයක් අවශ්‍ය නොවන නිසා. නමුත් රජයේ සියලු වරප්‍රසාද ලබා ගන්නා මුස්ලිම් ඇමතිවරු කිහිප දෙනෙක් මුස්ලිම් අන්තවාදය වපුරමින් මේ රටේ යුද්ධයක් ඇති කිරීමට කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා. ඒ සඳහා අහිංසක මුස්ලිම් ජාතිකයනුත් පොළඹව ගනිමින් සිටිනවා. මේ අය අපේ රට විනාශ කරන්නයි මේ හදන්නේ.”

“අපිට සිංහල,දෙමල,මුස්ලිම් ජනතාව සමග කිසිම ප්‍රශ්නයක් නෑ… අපේ ජනතාව සිංහලයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල ඉතා හොඳින් ජිවත් වෙනවා. සිංහල ජනතාව සහෝදරත්වයෙන් අපිව වැළඳ ගනිමින් සිටීම පිළිබඳව මේ රටේ සිංහලයන්ට අපි ස්තූති වන්ත වෙන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.”

“අපි කියනවා උතුරු නැගෙනහිර දෙමල දේශපාලන පක්ෂ එම ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ කියලා. ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්න විසඳන්න වැඩ නොකරන නිසා තමයි අපේ පක්ෂය බිහිවුනේ. කෙටියෙන්ම කියනවානම් අපේ පක්ෂය බිහිවුනේ ජනතාව වෙනුවෙන්මයි. ”

“අපේ රටට විරුද්ධව එන ඕනිම බලවේගයකට එරෙහිව රටට ආදරය කරන ජනතාව එක්ක අත්වැල් බැඳගෙන මේ රට ආරක්ෂා කරන්න අපි කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා කියන දෙයත් අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි.”

Related posts

තවත් ප්‍රදේශ කීපියක් හුදකලා කරයි.

colombotoday

රජයේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවක සාමාජිකයෙකුටත් කොරෝනා

colombotoday

TNL අත නාරී.. ජනපතිට පන්න පන්නා බැට දෙයි (Video)

colombotoday

මරණ දඬුවම නියමව සිටි මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්

colombotoday

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

colombotoday

ශ්‍රීලනිප යේ නියෝජ්‍ය නායකකම ගෝඨාභයට ?

colombotoday