Colombo Today Local News

ප්‍රේමලාල් මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව යයි..

බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (07) දිනයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව අද (08)දින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වීමට බන්ධාගාරයේ වෑන් රථයකින් රැගෙන ආවේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන අවස්ථාවේ දී එම දිවුරුම්දීම නිත්‍යානුකූල නොමැති බවට චෝදනා කරමි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයෙ පිටව ගියේය.

Related posts

සැමියාගේ යකඩ පොලු පහරවල් බිරියකට මරු කැදවයි

colombotoday

රිෂාද් බදියුදීන්ට එරෙහි විල්පත්තුවේ නඩු තීන්දුව සැප්තැම්බර් 28 දා

colombotoday

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

නව ව්‍යවස්ථා මණ්ඩලයේ පළමු වාර්තාව අගෝස්තුවේ පාර්ලිමේන්තුවට !

colombotoday

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

රතන හිමි, දේශබන්දු, ටිරාන් මන්ත්‍රී ධූරය හොරකම් කළා. බලහත්කාරයෙන් අත්සන් ගත්තා. මුහුදට දාලා මරන්න හැදුවා. – විශේෂ හෙළිදරව්වක්

colombotoday