Uncategorized

නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට…

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද(17) අළුයම ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

නිශ්ශංක සේනාධිපති මහතා අද අළුයම සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ ඇති අතර එහිදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඇවන්ගාඩ් සමාගමට අදාළ නඩුවක් සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

රජය හිඳුණු ජලාශ වල මැණික් නිධි ගොඩ ගන්න යයි

Admin

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

මත්ද්‍රව්‍ය සමග තලවතුගොඩ බොත්තමා අත්අඩංගුවට

colombotoday

යුධ අපරාධ චෝදනාවට ෆොන්සේකාගෙන් තල්ලුවක් ! හමුදාව රෝහලකට පහරදුන් බව දෙමළ රූපවාහිනියකට කියයි.

colombotoday

2024 අයවැය වාර්තාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

ශ්‍රීලනිප මැයි රැලිය ගාල්ලේදී.. ජනපතිත් එයි.. හූ කීම තහනම් !

colombotoday