Uncategorized

රජය හිඳුණු ජලාශ වල මැණික් නිධි ගොඩ ගන්න යයි

ජලාශ සිඳී යාමත් සමග ඒ ආශ්‍රිත මැණික් නිධි ගොඩගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

පරිසරයට හානියක් නොවන පරිදි මැණික් නිධි ගොඩගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි, අදාළ ආයතනවලට උපදෙස් දී ඇති බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණී වලේබොඩ මහතා සඳහන් කරයි.

ඒ අනුව මහවැලි අධිකාරිය, විදුලිබල මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය සහ විදුලිබල අමාත්‍යංශය කැඳවා වාර්තාවක් ලබාදෙන්නැයි උපදෙස් දී තිබේ.

ඊට අදාළ වාර්තාව ලද පසු අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කර අදාළ ආයතනවලට බලය පැවරීමට නියමිත බව, ගාමිණී වලේබොඩ මහතා සඳහන් කරයි.

Related posts

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

කොවිඩ් ආසාදනය වූ මාස 7ක ගැබිනි මවක් මිය යයි

colombotoday

සෞදියේදී ලාංකික කතකට ගල් ගසා මරා දැමීමට නියම වේ

colombotoday

කරුණාගේ පක්ෂය සමග තවත් පක්ෂ 10ක් පොහොට්ටුව සමග ගිවිසුම්ගත වෙයි…

colombotoday

අලුත් බදු වලින් නෙට් බිල්, දුරකථන බිල්, විදුලි බිල් වැඩිවන සූත්තරේ මෙන්න

colombotoday

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday