Colombo Today Local News

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 91ක් අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (08දින පමණක් ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ යතුරුපැදි 19ක්, ත්‍රීරෝද රථයක් 3ක් සහ ලොරි රථයක් ලෙස රථවාහන 23ක් පොලිස් භාරයට ගෙන ඇති බවය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට සහ දිවුලපිටිය, ජාඇල, කඳාන, සීදුව යන පොලිස් බල ප්‍රදේශවලට මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති අතර එය යළි දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.

ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සැපයෙන ඇතැම් ආයතන විවෘත කර තැබීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

Related posts

යෝෂිතගේ ඩේසි ආච්චිගෙන් FCIDය ප්‍රශ්ණ කරයි

colombotoday

සරසවිවල භික්ෂුන්ගෙන් 45%ක් අවසන් වසරේදී සිවුරු අරිනවා – විදුර කියයි!

Admin

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති රට හෑල්ලු කලා

colombotoday

සියළු බාධා ඉවත්කරගත්තා, ජනාධිපතිවරණයට මා සූදානම්…

colombotoday

සිමෙන්ති හිඟයක් ? වැඩි මිලට වික්කොත් වැඩ වරදී

colombotoday

ධර්මාලෝකයෙන් හෙළදිව ඒකාලෝකවූ පොසොන් පොහොය අද

colombotoday