Uncategorized

නිරුවත පෙන්වල සල්ලි හොයන්න ඕන නෑ – වෙන දේවල් දැක්කම මොඩ්ල් කරනවා කියන්නත් ලජ්ජයි!

ලංකාවේ නිපදවෙන මියුසික් වීඩියෝ බොහොමයකම දකින්න ලැබෙන චරිතයක්ව සිටි ශෂී ඇනිජලීනා රූපවාහිනි ක්ෂේත‍්‍රයේ නිවේදිකාවක ලෙස කටයුතු කළත් රංගනයට අඩු දායකත්වයක් දී ඇති ශෂී අද වන විට අලූත් බලාපොරොත්තුවක් දෙස නෙතු යොමන බවකුයි අපට හැගුණේ.

  ශශිට ක්ෂේත‍්‍රයට එන්න ලැබෙන පළමු අවස්ථාව කුමක්ද ?

 මම ක්ෂේත‍්‍රයට එන්නේ මියුසින් වීඩියෝ වලට නිරූපණයෙන් සහාභාගි වෙමින්. මට පළමු අවස්ථාව ලැබුණේ 2013 වර්ෂයේ රුවන් හෙට්ටිආරච්චිගේ ගීතයක රූප රචනාවකට පෙනී සිටින්නයි. ඒ මියුසික් වීඩියෝ එක ගොඩක් ජනප‍්‍රිය වුණා. ඊට පස්සේ ටී. වී. දෙරණ හි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මට තව දුරටත් මියුසික් වීඩියෝ ලැබෙන්න පටන් ගත්තා. මේ හැම දෙයකම මම පෙනී සිටි පළමු මියුසික් විඩියෝව හරහා ලැබුණ දේවල්.

අද වනවිට ඔබ කැමැති නිරූපිකාවක් විදිහට හඳුන්වනවාටද ?

 ඔව්. බොහෝ දෙනෙක් මාව එහෙමත් හදුන්වනවා. හැබැයි මම ටෙලි නාට්‍ය හතරක විතර මේ වෙද්දි රඟපාලා තියෙනවා. මේ දිනවල අලූත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. තවම මම ඒක භාරගත්තේ නැහැ. බලමු ඉදිරි කාලයේදී හොද චරිතයක් ලැබුණොත් මම රංගනයටත් යොමුවෙයි.

  ශෂී රංගනයට දක්වන්නේ අඩු උනන්දුවක් වගෙයි ?

  පහුගිය කාලේ දිගටම මියුසික් වීඩියෝ වලටම යොමුවෙලා හිටියා. නමුත් මම කැමැතියි රංගනයටත් යොමුවෙන්න. කුමන හෝ හේතුවක් මත අපිට ටෙලි නාට්‍ය වලට කතාකරනවා අඩුයි. ඒ වගේම සමහර අවස්ථාවල මට ලැබුණ අවස්ථා නැතිකර ගත්තා කියලත් හිතෙනවා.

  ලැබුණ අවස්ථා නැතිකරගත්තා යනුවෙන් අදහස් කළේ ?

 රූපවාහිනි නිවේදිකාවක් විදිහට ආයතනයකට බැදිලා හිටිය කාලයේ නිවාඩු ලබාගන්න අපහසු නිසා සමහර වෙලාවල ලැබුණ ආරාධනාවන් ඉවත දාන්නත් සිදුවුණා.

 ඔබගේ නිවේදන කටයුතු වල වර්තමාන තොරතුරු මොනවාද ?

 මම දැන් කිසිම නාලිකාවකට බැදිලා නැහැ. මම රූපවාහිනී වැඩසටහන් වගේම එළිමහනේ පැවැත්වෙන විවිධ වැඩසටහන් වල නිවේදිකාවක් විදිහට කටයුතු කරමින් ඉන්නවා. පහුගිය කාලේ මම එවැනි වැඩ සටහන් රැසක්ම කළා.

 නිරූපිකාවන්ට රගපාන්න බැහැ කියල මතයක් තියෙනවා නේද ?

 රංගනය කියන්නේ වෙනම කලාවක්. මියුසික් වීඩියෝ කියන්නේ තවත් කලාවක්. ඒ දෙකේම තියෙන්නේ රගපාන්න තමයි. හැබැයි ටෙලි නාට්‍ය හා සිනමාවේ රගපාද්දි රගපාන්න ඒක හදාරන්න ඕනෑ. ගොඩක් වෙහෙස වෙන්න ඕනෑ කියලා මම හිතනවා. එතැනදී දෙබස් හැසිරවීම හැගීම් ප‍්‍රකාශ කිරීම වගේ දේවල්වලදී කිසියම් පුහුණුවක් උවමනායි.

 ඔබ විශාල මියුසික් වීඩියෝ සංඛ්‍යාවක පෙනීසිටි නිරූපිකාවක් නේද ?

 මම මියුසික් වීඩියෝ 167 ක් විතර මේ වෙද්දි පෙනී ඉදලා තියෙනවා. මියුසික් වීඩියෝ කරලා දැන් ඒක තරමක් ඒකාකාරී වෙලා. ඒ නිසා හොද ගීතයක් ලැබුණොත් කරනවා කියල තමයි හිතාගෙන ඉන්නේ.

  අද මියුසික් වීඩියෝ රැල්ලේ ඔබත් සිටිනවාද ?

 මේ දවස්වල යන රැල්ලට මියුසික් වීඩියෝ වලට පෙනී සිටින්න නම් මගේ කෙහොත්ම කැමැත්තක් නැහැ. සමහර අය ඒවාට පෙනී සිටිනවා. ඒක් ඒ අයගේ කැමැත්ත. මම කොහෙත්ම මගේ නිරුවත පෙන්වන දෙවල් වලට සම්බන්ධවෙලා මුදල් හම්බ කරන්න හෝ ඉදිරියට යන්නේ නැහැ. මම සීමාවක් ඇතිවයි වැඩක් භාරගන්නේ.

 ඔබ ලිංගිකත්වය මතුකරන මියුසික් වීඩියෝ රැල්ලට එරෙහි වන නිරූපිකාවක්ද ?

 මේ දේවල් නවත්වන එක අපිට තනිව කරන්න බැහැ. අද ෆොටෝ ෂූට් එක්ක කරලා ඒක මුහුණු පොතට දාලා ඔවුන් මොඞ්ල්ස් කියල කියාගන්නවා. අද මේ ක්ෂේත‍්‍රයේ තියෙන දේවල් එක්ක මොඞ්ල් කෙනෙක් කියලා කියන්නත් ලැජ්ජයි.

 අපේ නිරූපිකාවන් මෙවැනි ලිංගිකත්වය මතුකරන මියුසික් වීඩියෝ වලට පෙනී ඉන්නේ වැඩි ආදායමක් ලබන්නද ?

 පවතින තත්ත්වය නම් කියලා රුපියල් දාහක් දෙදාහකට මේවට පෙනී හිටලා ප‍්‍රසිද්ධ වෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. අපි ක්ෂේත‍්‍රයට ආපු මුල් කාලේ පොඩි මුදල් ප‍්‍රමාණ තමයි ලැබුණේ. හැබැයි අපිට ගැලපෙන කරන්න පුළුවන් හරි වැඩක් විතරයි භාරගත්තේ. අද වෙද්දි මගේ නියමිත මුදලට වැඩක් භාරගන්න මට්ටමට ඇවිත් ඉන්නවා.

  අපේ රටේ නිරූපණ ක්ෂේත‍්‍රය වෘත්තීය කරගත්ත කෙනෙකුට ඔබ පවසන සීමාවන් තුළ පැවතීම පහසු දෙයක්ද ?

 මම ලොකු ලොකු හීන මවන්නේ නැහැ. මට හම්බවෙන දේ එක්ක මට ජීවිතය සාර්ථක කරගන්න ඇති. හැබැයි හැමදේටම මුදල් ඕනෑ. මුදල් ඕනෑ කියලා මම වැරදි දේවල් පස්සේ ගිහින් මුදල් හම්බ කරන්න නැහැ. අද වැඩක් එන්නෙත් ලෝ බජට් කියලා තමයි. ඉදිරියට මේ ක්ෂේත‍්‍රයේ පවතින එක හරි අමාරුයි කියලා හිතෙනවා. මේ වෙද්දි තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළොත් හොදයි කියලා.

 මේ ක්ෂේත‍්‍රයට පිවිසීම ගැන ඇත්තේ අසතුටක්ද ?

 කලාව තුළින් මට ලැබුණ දේවල් ගැන සතුටුයි. ඒත් කොතැනකදී හෝ දුකක් තියෙනවා. දැන් පවතින දේවලූත් එක්ක අපරාදේ කියලත් හිතෙනවා.

 ධම්මිකා සුරංජි පතිරණ – Divaina

Related posts

“1948න් පසු ජාතිය අවදානම් මොහොතක” ජිනීවා අනතුර ගැන හිටපු ජනපති කල සම්පූර්ණ කතාව – Video

colombotoday

සජිත් ජනපති වුණොත් මීළග සිංහල අවුරුදු කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක“

colombotoday

13කගේ වැඩ තහනම්… සේවක අරගලය දිගටම… ITN විකාශන ඇණහිටීමේ තත්ත්වයක්….

colombotoday

සැටදහසක චීවර පුජාව පෙබරවාරි 22 රුවන්වැලි සෑ මළුවේදී. මේ උතුම් පිංකම සඳහා දායක වීමට දැන් අවස්ථාව

colombotoday

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ගන්න ජනපතිට සම්පූර්ණ සහය දෙනවා – මෛත්‍රී

colombotoday

හම්බන්තොට වරාය, මත්තල, ශ්‍රී ලංකන් ගන්න විදෙස් සමාගම් 19ක් එයි

colombotoday