Colombo Today Local News

දුටුතැන අල්ලනු… අර්ජුන්ට, උදයංගට ජාත්‍යන්තර රතු වරෙන්තු…

තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන ජාත්‍යන්තර රතු වරෙන්තු අවලංගු කරන ලෙස ඉල්ලමින් අර්ජුන මහේන්ද්‍රන් හා උදයංග වීරතුංග යන මහත්වරුන් ඉදිරිපත් කළ අභියාචනා දෙක ජාත්‍යන්තර පොලීසියේ අභියාචනා මණ්ඩලය පසුගිය සතියේ ප්‍රතික්ෂේප කළහ.

මේ බව ජාත්‍යන්තර පොලීසිය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුවට පෙනී නොසිටීම නිසා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ටද මිග් ගනුදෙනුවට අදාළ නඩුවට පෙනී නොසිටීම නිසා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගටද ජාත්‍යන්තර පොලීසිය රතු වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගැනීමේ නියෝග පනවා තිබිණි.

අර්ජුන මහේන්ද්‍රන් හා උදයංග මෙම රතු වරෙන්තු දෙක අභියෝගයට ලක් කරමින් ජාත්‍යන්තර පොලීසියේ අභියාචනා මණ්ඩලයට අභියාචනා දෙකක් ඉදිරිපත් කළේ ඉන් අනතුරැවය. දීර්ඝ විභාගයකින් පසුව මෙකී අභියාචනා දෙකම ප්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර පොලීසියේ අභියාචනා මණ්ඩලය මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ නියෝග බලාත්මක කළේය. ඒ අනුව දැන් ජාත්‍යන්තර පොලීසියට, ශ්‍රී ලංකා පොලීසියට හෝ ඔවුන් සැඟවී සිටින ඕනෑම රටක පොලීසියකට මේ අය අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට එවිය හැකි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශය

Related posts

පළාත් සභා සක්‍රීය කර 13 ක්‍රියාත්මක කළ යුතුයි – ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී කියයි

colombotoday

දේශබන්දු වෙනුවට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

colombotoday

“රජයේ සමහර තීරණ ඇමතිවරුන්ටත් හොරෙන්.. අපි අසරණවෙලා“ – ඇමති දයා ගමගේ

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

colombotoday

බාලවයස්කාර දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයාට දෙමාපියන් දුන් දඬුවම

colombotoday

කොරෝනාවෙන් පිඩාවට පත් ජනතාවට සහනයක් දෙන්න : විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

colombotoday