Covid 19

දරු ප්‍රසූතියට රෝහල් ගත කළ ගැබිනි මව්වරුන් දෙදෙනකුට කොරෝනා | පානදුර කේතුමතී රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දමයි

පානදුර කේතුමති රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

අටළුගම ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් දෙදෙනකු දරු ප්‍රසූතිය සඳහා එම රෝහලට ඇතුළත් කිරීමෙන් සිදු කළ පරීක්ෂාව අනුව ඔවුන් දෙදනාට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වීමෙන් එම රෝහලේ අංක 3 සහ 4 යන වාට්ටු මෙසේ වසා දමා තිබේ.

මේ වන විට ගැබිනි මව්වරුන් දෙදෙනා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කර තිබේ.

කේතුමති රෝහලේ එම වාට්ටුවල ප්‍රතිකාර ලැබු රෝගීන් සහ කාර්ය මණ්ඩලය එම වාට්ටුතුලම නිරෝධායනයට කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයිද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Related posts

‌තවත් ‌ඩෙල්ටා ආසාදිතයින් 19ක් හදුනාගනී

colombotoday

තවත් කොවිඩ් මරණ 31ක්

colombotoday

කොවිඩ් දෙවැනි රැල්ලට මාසයයි. | සංවර්ධන නිලධාරීන්ට දී ඇත්තේ එක මුව ආවරණයයි.

colombotoday

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124කට කොරෝනා

colombotoday

මැල්සිරිපුර, ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දමයි.

colombotoday