Colombo Today Local News

දඹුල්ලේ ටයර් දමා පුළුස්සා තිබු පුද්ගලයා ඝාතනය වු හැටි

දඹුල්ල ඉහළ ඇරැව්වල, ගෝන වැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ටයර් දමා පිළිස්සිමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තිදෙනෙක් මාතලේ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29)දින රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලීසියට බාර දී ඇත.

පසුගිය ජූනි මස 16 වන දින දඹුල්ල ඉහළ ඇරැව්වල, ගෝන වැව ප්‍රදේශයේ වන ලැහැබක් තුළ ටයර් දමා පුළුස්සා තිබු නාඳුනන සිරුරක් පොලීසිය සොයා ගනු ලැබීය.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත්තේ මෙසේ මියගොස් ඇත්තේ, වැලි ටිපර් ‍රියදුරෙක් ලෙස කටයුතු කළ කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු බවය.

සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ගෝන වැව ඉදිකිරීම් සඳහා වැලි සපයන තවත් වැලි ටිපර් හිමිකරුවන් තිදෙනෙක් බව පොලීසිය පවසයි.

මියගිය වැලි ටිපර්කරුගේ බිරිඳ සමග ප්‍රධාන සැකකරු අනියම් සබඳතාවක් පවත්වා ඇති බව පරීක්ෂණවල දී හෙළි වී ඇත.

මෙම ඝාතනයට සෙසු සැකරුවන් දෙදෙනාගේ ද සහය ලබා ගෙන ඇති බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා ඝාතනය කිරීමට දින කිහිපයකට ඉහත දී වෙනත් ටිපර් රථයක් යොදා ගෙන, පරණ ටයර් මෙම ස්ථානයට ගෙනවිත් දමා තිබෙන බවත්, පසුව ජූනි 16 වන දින ප්‍රධාන සැකකරු මියගිය පුද්ගලයා සමග දඹුල්ලට පැමිණ මත්පැන් සාදයක් පවත්වා ඇත.

පසුව ඝාතනය වු පුද්ගලයාගේ ගෙල කපා පරණ ටයර් දමා ගිනි තැබූ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී තිබේ.

Related posts

ව්‍යවස්ථාවට පටහැනි හදිසි නීතිය පැනවීම වහා හකුලා ගන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday

පොදු ප්‍රවාහන සේවා ඇරඹේ

colombotoday

ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන මන්ත්‍රීන්ට මාසිකව ලක්ෂ දෙකක අමතර දීමනාවක් !

colombotoday

“ඒකීය රාජ්‍ය” නව ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි, දෙමළ පිටපත්වලින් හැලෙයි..!

colombotoday

බණ්ඩාරදූවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

කොටකෙතන ආරක්ෂාවට STF 500 ක්

colombotoday