Colombo Today Local News

තවුහිද් ජමාත් ශාඛාවක් ආරම්භ කළ අබ්දුල් අන්තවාදය පතුරවමින් නිදැල්ලේ.. හිටපු අමාත්‍යවරයෙකු කල හැංගිමුත්තන් ඥානසාර හිමි හෙළි කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරමාලාව එල්ල කළ සහරාන් හෂිම් සමග කාත්තන්කුඩි නගරයේ තවුහිද් ජමාත් ශාඛාවක් ආරම්භ කළ අබ්දුල් රාසික් නැමැත්තා අද වන විටත් රට තුළ අන්තවාදය පතුරවමින් නිදැල්ලේ සැරිසරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (15) සාක්ෂි ලබාදෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙරට තුළ ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරිමට අවැසි මැදපෙරදිග රටවල සහය ලබාගැනීමට හිටපු අමාත්‍යවරයෙක් මැදිහත් වී ඇති බවය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබාදීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැමිණියේ දෙවන දිනටය.

එහිදි උන්වහන්සේ සඳහන් කළේ 2020 පෙබරවාරි මස 07 වන දින වැලිගම වැල්ලපිටිය සහිරා විශ්වවිද්‍යාලයේ පාසල් සංවර්ධන කමිටුවේ සමාජිකයෙකු වන එම්.ආර් මොහොමඩ් නැමැත්තාගෙන් තමන්ට ලිපියක් ලැබුණු බවය.

එම පාසලට පැමිණි නව විදුහල්පතිවරයෙකු වන එම්.එච්.එම් ඉනෛයිතුල්ලා නැමැත්තා ජමියා නලිමියා මද්‍රසා පාසලේ වහබ්වාදය පිළිබඳ අධ්‍යයනය කරනු ලැබු සාහික් සුහයිල් නැමැත්තෙකු ගෙන්වා එම පාසල තුළ අන්තවාදි ඉගැන්වීම් සිදුකරන බව අදාළ ලිපිය තුළ සදහන් වුයේ යැයි ඥානසාර හිමියන් පැහැදිලි කළේය.

එසේම 2015 වර්ෂයේ යහපාලන ආණ්ඩුව ගෙනඒම සඳහා දායක වු යහපාලනය සඳහා වු ජාතික පෙරමුණ විසින් මෙම පාසල එකි සංවිධානයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ බවද අදාළ ලිපියේ සදහන් වෙතැයි ඥානසාර හිමියන් ජනාධිපති කොමිසමට දැනුම් දුනි.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළේ මෙරට තුළ මුස්ලිම් වියතුන් සිටින ජමෙයිතුල් උලමා සංවිධානයේද බහුතර සමාජිකයින් පිරිසක් ජමාතේ ඉස්ලාම්, ඉහ්වාන් මුස්ලිම්, තවුහිද් ජමාත් සහ තබ්ලික් ජමාත්‍ යන අන්තවාදි මතයන් අනුගමනය කරන්නන් බවය.

එසේම එම සමාජිකයන්ට අදාළ අන්තවාදි මතයන් මෙරට තුළ ව්‍යාප්ත කිරීම සඳහා අවැසි මැදපෙරදිග රටවල සහය ලබාගැනීමට එවකට පැවති රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සහය වී ඇතැයිද උන්වහන්සේ කොමිසම හමුවේ අනාවරණ කළහ.

එහිදි ජනාධිපති කොමිසම අදාළ අමාත්‍යවරයා කවුරුන්දැයි විමසීමක් කළද, ඥානසාර හිමියන් සඳහන් කළේ තමන් එය ප්‍රසිද්ධියේ පැවසීම නිසා සිරගතවිය හැකි බැවින් එය ජනාධිපති කොමිසමට ලිඛිතව ලබාදිය හැකි බවය.

ඒ අනුව ජනාධිපති කොමිසම උන්වහන්සේගෙන් එම නම ලිඛිතව ලබාගත් අතර උන්වහන්සේ එහිදී සඳහන් කළේ අදාළ සිදුවීමට සම්බන්ධ අමාත්‍යවරයා විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන්ද චෝදනා ලැබූවෙක් බවය.

එසේම මෙහිදි ඥානසාර හිමියන් විසින් ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම්වරයාව සිට අද වන විට සිලොන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන අබ්දුල් රාසික් නැමැත්තා 2016 නොවැම්බර් මස 13 වනදා සති අන්ත පුවත්පතකට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාවක් ජනාධිපති කොමිසමේ අවධානයට යොමු කළේය.

එහිදි ඥානසාර හිමියන් සඳහන් කළේ මෙම අබ්දුල් රාසික් නැමැත්තා යනු සහරාන් හෂිම් සමග කාත්තන්කුඩි ප්‍රදේශයේ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ශාඛාවක් බිහිකිරීමට මුල්වූ පුද්ගලයා බවය.

මෙම අබ්දුල් රාසික් නැමැත්තා කටුවාපිටියේ දේවස්ථානයේදි බෝම්බයක් පුපුරුවා හැරි මොහම්මදු හස්තුන් නැමැත්තාට පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරාව අඩු වයසින් විවාහ කරදීමටද මුල් වී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළහ.

එසේම කුඩා දැරියන් විවාහ කරදීම සම්බන්ධයෙන් වූ මුස්ලීම් නීතිය වෙනස් කිරීමට මෙරට රජය ගත් පියවරකට එරෙහිව මෙම තැනැත්තා මාළිගාවත්ත ප්‍රදේශයේ පැවැත්වු උද්ඝෝෂණයකට අදාළ විඩියෝ දර්ශනයක්ද ඥානසාර හිමියන් විසින් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේ වෙතත් මෙවැනි අන්තවාදි මතවාද ප්‍රසිද්ධියේ දැරු, සිලොන් තවුහිද් ජමාත් නමින් සංවිධානයක් පවත්වාගෙන යන අබ්දුල් රාසික් නැමැත්තා මේ වන විටත් මෙරට තුළ අන්තවාදි මතවාද ප්‍රචාරය කරමින් නිදැල්ලේ සැරිසරන බව ඥානසාර හිමියන් ප්‍රකාශ කළේය.

Related posts

සමහරුන් රටේ නායකය මැරෙන්නේ කවදාදැයි ඔහුගේ කේන්දරය ගෙන බලනවා… වෙන රටවලනං එහෙම නෑ

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිත් සම්බන්ධයි… මහ මොළකරු රනිල් – නාමල් කුමාර සැලසුම දිගහරී [Video]

colombotoday

මහින්දලා මොන යාත්‍රා ගියත්, අපි ජාතියට දුන් ජයග්‍රහණ ආපසු හැරවිය නොහැකියි – චම්පික රණවක

colombotoday

අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday

කෝටි 13 ක මත්පෙති අත්අඩංගුවට

colombotoday

‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් ලබාදීම අනුමත කරන්න බෑ…

colombotoday