Colombo Today Local News

ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැර ගත්තැයි හිරුණිකා වරද පිළිගැනීමට සූදානම්.. අධිකරණයට දැනුම් දෙයි

දෙමටගොඩ ප‍්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමෙන්තු මන්ත‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවන්ට වරද පිළිගෙන නඩුව කෙටි ක‍්‍රමයකින් අවසන් කරගැනීමට සුදානම් බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (08) දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනුර සෙනෙවිරත්ත මහතා කළ දැනුම් දීම සළකා බැලූ විනිසුරුවරයා ඒ සඳහා මෙම නඩුව ලබන දෙසැම්බර් මස 11 වැනිදා කැඳවීමට නියම කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප‍්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

සිද්ධිය වී මාස හතක් වැනි කාලයක් තුළ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් දස දෙනෙකු මෙන්ම ලේඛණ කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතීපතිවරයා දැනුම් දී ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ රැකවලූන් ආරක්‍ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 165000 ක දඩ නියම කළ අත පැහැරගෙන ගිය දෙමටගොඩ ප‍්‍රදේශයේ තරුණයාට රුපියල් 285000 වන්දියක් ගෙවීමට නියම කෙරිණි.

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබිණි.

Related posts

සාමාන්‍ය පෙළ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට සහජීවනයෙනුත් ප්‍රශ්නයක්

colombotoday

පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday

ජාතිවාදී ගිනි අවුලන විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

colombotoday

රාජිත හමුදාව යොදවා කංසා වවයි.. පළමු වගාව මතුගම !

colombotoday

දළදා මැදුරට ඉහළින් සිටින සේ මුස්ලිම් කුළුනක් ඉදිවෙයි.. රන් ආලේපිත මුදුන් හිස අද රෑම සවිකරන්න ලෑස්තියි

colombotoday

ඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි.. විදේශිකයන්ට මින් මතු ස්ථීර පදිංචියට අවසර නෑ !

colombotoday