Colombo Today Local News

දළදා මැදුරට ඉහළින් සිටින සේ මුස්ලිම් කුළුනක් ඉදිවෙයි.. රන් ආලේපිත මුදුන් හිස අද රෑම සවිකරන්න ලෑස්තියි

maliÜwa3333

සමස්ථ බෞද්ධ ලෝකයාගේම මුදුන් මල්කඩ වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ වෙසන ශ්‍රී දළදා මන්දිරයට ඉහළින් සිටින සේ කුළුණක් ඉදිකිරීමට මහනුවර නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියක කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වනවා.

මහනුවර මධ්‍යම වෙළදපල හා සිටි ප්ලාසා ගොඩනැගිල්ල අසල ඇති මුස්ලිම් පල්ලියේ මෙම කුළුන ඉදිකර ඇති අතර, නගර සභාව විසින් නිර්දේශිත උස ප්‍රමාණයට වඩා අඩි 28ක් පමණ ඉහළට එසවෙන අන්දමින් රන් ආලේප කරන ලද එහි ගෝලාකාර මුදුන් හිස අද රාත්‍රියේම සවිකිරීමට සූදානම්වන බවද වාර්තා වනවා.

මේ වන විටත් මහනුවර ගැටඹේ සහ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පිත්තල කර්මාන්ත ආයතන දෙකක් තුළදී මෙම ගෝලාකාර හිස කැබලි වශයෙන් සැකසෙමින් පවතින බවද තොරතුරු ලැබී ඇති අතර එය සවිකිරීමෙන් පසු දළදා මාළිගාවේ රන් ආලේපිත වියනට වඩා උසින් වැඩිවන බවද සදහන් වනවා.

ශ්‍රී දළදා මාළිගාවේ ගෞරවය මූලික කරගනිමින් මහනුවර පූජා නගරය තුළ දළදා මන්දිරයට ඉහලින් ගොඩනැගිළි තැනීම වලකාලමින් පැවති සියලුම රජයන් යටතේ නගර සභාව වසින් නීතිමය සම්ප්‍රදායක් අනුගමනය කර ඇත. තම ජාතිවාදී බලහත්කාරය පෙන්වීම පිණිස ඉස්ලාම් අන්තවාදී පිරිස විසින් එම නීතිය හා සම්ප්‍රදාය බිද දමමින් මීට පෙරද දළදා මැදුරට ඉහළින් සිටින සේ ඉදිකිරීම් කිරීමට උත්සහා කළද එල්ල වූ විරෝධතා හේතුවෙන් එය නැවතී තිබෙනවා.

නැවත වරක් ඇමති රවූෆ් හකීම්ගේ මැදිහත්වීම මත මෙම ඉදිකිරීම සිදුකරන බවත්, කුමන විරෝධතා පැමිණියත් කෙසේ හෝ මෙය ස්ථාපිත කරල ලෙස ඇමතිවරයා උපදෙස් දී ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

සියවස් ගණනාවක් තිස්සේ පර සතුරු ආක්‍රමණවලින් පසු නොබා සිංහල බෞද්ධ ජනතාව විසින් දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළ අතර, ශ්‍රී දලදා වහන්සේ සිංහල බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ මෙන්ම ජාතියේ උත්තරීතර අභිමානය ලෙසද සලකයි. වෙන කොයි රටකවත් ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් අසල නොමැති තරමට අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරීමට හැකිව ඇත්තේ බෞද්ධ ජනතාවගේ සහනශීලීත්වය නිසාම වන අතර, සහජීවනයට, ආගමික සහනශීලීත්වයට මුවා වී අන්තවාදී පිරිස් මෙලෙස කටයුතු කරයිනම් එය බරපතල ආගමික ගැටුමකට මද පාදන්නක් වනු ඇත.

එබැවින් මහා ලේ වැගිරීමකට ඉඩ නොදී වහා වහා ක්‍රියාත්මක වී මෙම ක්‍රියාව නවත්වන ‍මෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් අප ඉල්ලා සිටිමු.

4ed3cbc00f3db4eda22cc93d4eed36891cd40072605d7be3e4a7f4db8dc497aa0a350279556c54c17121146548a477ee1a0b6d4e32494c3954b79acdf99aa2ec

5d57fa509f92695d6edb13a3ba65746ce02aef3e3fb874ed10bc55c646aee4f8

Related posts

ඡන්ද නීති කඩා ලයිට් කණු, තාප්ප වැසූ ජවිපෙ දෙදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

බෝගස්වැ‍ව අහිංසකයන් වෙනුවෙන් හඩනැගූ පියනන්ද හිමිට උසාවියෙන් වරෙන්තු !

colombotoday

ඉන්දියාව – චීනය, ලංකාව මැදි කරගෙන යළි ගැටුමක

colombotoday

ජනපති කෙන්යා යයි…

colombotoday

ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Admin

යතුරු පැදියක් ලොරි රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් මරුට

colombotoday