Colombo Today Local News

විශේෂ මහාධිකරණයෙන් ගෝඨාභයට ඇප…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරිමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රජයේ මුදල් අවභාවත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද(10) පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට දැනුම්දී තිබුණි.

ඒ අනුව ඉදිරිපත් වූ විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙක බැගින් මත මුදාහැරිමට විනිසුරු මඩුල්ල නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී රජයේ නියෝජනය කරමින් මුලින්ම කිසිදු නීතිඥවරයකු පෙනී සිටියේ නැහැ.

එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමි රජය වෙනුවෙන් නීතිඥවරුන් පෙනී නොසිටින්නේ නම් විත්තිකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටීයේ.

එම අවස්ථාවේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා කියා සිටියේ මෙය අපරාධ නඩු කටයුත්තක් බැවින් එවැනි නියෝග කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඉන් අනතුරුව රජය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට විවෘත අධිකරණයේ භාරදීම සිදු කෙරුණා.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලීමක් කරමි ඇප පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව තම සේවාදායකයා ඕනෑම වෙලාවක අධිකරණය හමුවේ පෙනී සිටීමේ කොන්දේසිය මත මුදා හරින මෙන් ඉල්ලීම් කළේය.

මෙහිදී රජය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව දැනටමත් චෝදනා පත්‍ර භාර දී ඇති නිසාත් මෙම නඩුව දිනපතා විභාගයට ගැනීමට නියමිතව ඇති නිසාත් ඔවුන් ඇප මත මුදාහැරීම අධිකරණ සිදුකළ යුතු බව දන්වා සිටියේය.

ඒ අනුව සැකකරුවන් ඇප මත මුදා හැරීම සඳහා නීතිමය වශයෙන් කිසිදු බාධාවක් නොමැති බව සඳහන් කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති සම්පත් අභයකෝන් විනිසුරුවරයා ඒ අනුව එම ඇප මත මුදා හරිමින් නියම කළේය.

නඩුව නැවත ඔක්තෝබර් මස 09 වන දා කැදවන මෙන්ද අධිකරණය නියම කළේය.

Related posts

රාජිතට නිදහස ඉල්ලා කල සත්‍යග්‍රහය

colombotoday

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිරදී

colombotoday

ශී‍්‍රලනිප- පොහොට්ටු සාකච්ඡා සතියක් තුළ අවසන් කරනවා

colombotoday

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday

කොරෝනා පාලනය කරගත නොහැකි වුවහොත් කතෝලික පාසල් සියල්ල වසා දමනවා

colombotoday