Colombo Today Local News

ඥානසාර හිමිගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජූනි 9 ට

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගේ නම ද ඇතුළුව අපේ ජන බල පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කර ගොනු කර ඇති පෙස්තසම අද (21) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවනු ලැබුවා.

අපේ ජන බල පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටීමට නියමිතව තිබූ අතර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අග විනිසුරුවරයා ඉදිරියේ කැඳවා ඇති අනෙක් නඩුවේ එතුමන් සිටින බැවින් මෙම නඩුව වෙනත් දිනක කැදවන ලෙස නීතිඥ නිලූකා දිසානායක මහත්මියගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ඉල්ලා සිටියා. ඒ අනුව මෙම නඩුව ජූනි 9 වන දින කැදවීමට විනිසුරුවරුන් නියෝග කලා.

තවද හෙට දිනයේදී අපේ ජන බල පක්ශයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ කලුතර, මොනරාගල සහ කොළඹ දිස්ත්‍රික්ක වලට අදාල නඩු ද ශ්‍රේෂ්ඨාදිකරණයේදී කැදවීමට නියමිතව ඇත.

අපේ ජනබල පක්ෂය වෙනුවෙන් අධිකරණයේ කරුණු තහවුරු කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නිරාන් ඇන්කිටෙල්, පුලස්ති රූපසිංහ , ඉරේෂ් සෙනවිරත්න, සංජය මාරඹේ යන මහත්වරු අධිකරණයේ පෙනී සිටීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Related posts

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ඌව මහඇමති පොලිසියට බාර වෙයි

colombotoday

කුරුණෑගලින් තවත් කොරෝනා ආසාදිතයින් 2ක්. යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

මහානාහිමිවරුන්ගේ ඉල්ලීමට හිස නමා ඤාණසාර හිමියන්ට නිදහස ලබා දෙන්න – රතන හිමියෝ ජනපතිගෙන් ඉල්ලයි…

colombotoday

හදිසි මෙහෙයුමක්

Admin

වජිරගෙන් රාජ්‍ය සේවකයන්ට අනියම් බලපෑම්… අගමැතිට පැමිණිළි කරයි

colombotoday