Colombo Today Local News

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

පුත්තලම‍ පොලිස් වසමේ කල්අඩි ප්‍රදේශයේ දී පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමෙන් අයිස් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 70 ක් හා කේරල ගංජා ග්‍රෑම් 22 යි මිලිග්‍රෑම් 70 ක් සමඟ මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 33, 48, 55 හා 57 යන වයස්වල පසුවෙන පොල්ගහවෙල, තඹුත්තේගම, හෙට්ටිපොල හා පිළිමතලාව යන ප්‍රදේශවල ජීවත්වන අයයි.

සැකකරුවන් අද(21)දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ජනපතිගේ සැර ප්‍රකාශයට කතානායකගෙන් පිළිතුරු ලිපියක්

colombotoday

පනත් කෙටුම්පත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරයෙකු බීමතින් අහසට වෙඩි තියලා

Admin

බස්නාහිර පළාතටම හෙට සිට ඇඳිරි නීතිය පැනවේ

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා ගැන සුබ ආරංචියක්

Admin

ඇෆ්ගනිස්ථානයට ඇමරිකාව ලබාදුන් හෙලිකොප්ටර් ඇතුළු නවීන අවි තලේබාන් අත්පත්කර ගනියි. | ඩොලර් බිලියන 83 ක් වතුරේ

colombotoday