Colombo Today Local News

ජාතික ගීයත් ද්‍රවිඩ බෙදුම්වාදයට බිළි දීලා.. ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්!

gammanpila

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

දෙමළ බෙදුම්වාදයට ජාතික ගීය බිලිදීම

අපි දන්නවා පෙබරවාරි 04 වෙනිදා නිදහස් උත්සවයේ දී දෙමළ භාෂාවෙන් ජාතික ගීතය ගායනා කිරීමට ඇමති මණ්ඩලය තිරණයක් අරගෙන තියෙනවා. ඇමති මණ්ඩලයේ තීරණය ව්‍යවස්ථා විරෝධියි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත් වන වගන්තියෙන් කියවෙනවා ශ්‍රි ලංකාවේ ජාතික ගීතය ශ්‍රි ලංකා මතා වන්නේය. ජාතික ගීයේ සංගීතය සහ පදමාලාව තුන්වන උප ලේඛනයේ සඳහන්ය. එහි සඳහන් වන්නේ පද මාලාවට “ශ්‍රි ලංකා මතා අපි ශ්‍රි …. ලංකා ” යනුවෙන් අප ගායනා කරන ගීතයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසු තුන්වන වගන්තියේ කියනවා මේ ජාතික ගීයට යම් සංශෝදනයක් කළ යුතු නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සම්මත වෙලා ජනමත විචාරනයකදී ජනතාව විසින් ද අනුමත කළ යුතුයි කියලා. ජාතික ගීය බිහිවුනු කල පටන්ම ශ්‍රි ලංකා තායි නමින් දෙමළ අනුවාදනයක් තිබෙන බව සත්‍යයක්. නමුත් එය ජාතික ගීයක් බවට පත් වන්නට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසුතුන්වන වගන්තියේ සඳහන් ආකාරයට වෙනස් කර හත්වන වගන්තියත් සංශෝදනය කර තුන්වන උප ලේඛනයට ඇතුලත් කල යුතුය. එහෙම කළේ කවදාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 දී සම්මත කරන කොටත් මේ දෙමළ අනුවාදනය තිබුණා. 1952 සිට මේ දෙමළ අනුවාදනය ති‍බෙන්නේ. හැබැයි එය අපේ රටේ නිල ජාතික ගීතය නෙවෙයි. අපේ රටේ නිල ජාතික ගීතය වෙනුවට වෙනත් යමක් ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන වගන්තිය පැහැදිලිවම උල්ලංගනය කිරිමක්. ව්‍යවස්ථාව උල්ලංගනය කර කටයුතු කිරීම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි තත්වයේ බරපතල වරදක්. ජනාධිපතිතුමා පුරුද්දට වගේ ව්‍යවස්ථාව උල්ලංගනය කරනවා. එතුමා ජනාධිපති වෙලා පළමු විනාඩි පහ ඇතුලත රනිල් විත්‍රමසිංහ මහතා අගමැති කළේ, අගවිනිසුරුවරයා ගෙදර යැවුවේ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින්. දැන් ජාතික ගීය දෙමළෙන් ගායනා කරලා නැවත වතාවක් ව්‍යවස්ථාව උල්ලංගනය කරනවා.

දැන් ජනප්‍රිය තර්කයක් මතු කරලා තියෙනවා දෙමළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු වන්නේ “ශ්‍රි ලංකා මාතා” නොව එහි දෙමළ අනුවාදනයයි. එ නිසා එය ද පිළිගත් ජාතික ගීයක් කියාය. සම්පුර්ණයෙන්ම වැරදියි.දෙමළ බස ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් වන්නේ 1987 දී ඉදිරිපත් කල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයෙන්. 1978 දී හත්වන වගන්තිය ඇතුලත්ව සංශෝදනය කරන කොට සිංහල පමණයි රාජ්‍ය භාෂාව ලෙස තිබුණේ. එ නිසා සිංහල පිටපත පමණයි නීතිඥ්‍යනුකුල වුණේ. 1987 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ඉදිරිපත් කලාට පස්සේ ඉදිරිපත් කල සැම පනතකම යටින් සඳහන් කරලා තියෙනවා මෙහි සිංහල හා දෙමළ පිටපත අතර යම් අනුකූලතාවයක් ඇති වුණොත් සිංහල පිටපත බලපවත් වන්නේය. එවැනි දෙයක් යෙදි ඇතිතේ රාජ්‍ය භාෂා දෙකක් තිබුණු නිසා. නමුත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට කලින් සිංහල පිටපත විතරයි නිල පිටපත වුනේ. අනෙක් ඕනෑම එකක් එහි පරිවර්ථන පමණයි. මම උදය මගේ ගැන තියෙන රචනාවක් දෙමළට පරිවර්ථනය කරද්දි මගේ නම උදයන් හරි උදයම් හරි කරන්න බෑ. එය ඉංග්‍රිසියට පරිවර්තනය කරද්දි උදය මොර්නින් වෙන්නේ නෑ. උදය උදයමයි. අපි ව්‍යාකරනයෙන් කියනවානම් ගුණනාම පරිවර්ථනය කරත් සංඥානාම පරිවර්තනය කරන්නේ නෑ. ගීත වල තියෙන්නේ සංඥනාම මිස ගුණනාම නෙවෙයි. ගීතයක් පරිවර්තනය කරන විට පරිවර්තනය කරන භාෂාවෙන් ලියනවා මිස එහි ආර්ථය පරිවර්තනය වීමක් වෙන්නේ නෑ.

දෙමළ අනුවාදනයක් පැවතීමට අපි විරුද්ධ නෑ. ප්‍රදේශිය උත්සව වලදී, පාසල් වලදී, දෙමළ දරුවන් දෙමළින් ගීතය ගායනා කීරිමට අපි විරුද්ධ නෑ. ඒ අයට එකේ අගය දැනෙන්න දෙමලෙන් කියන්න ඕනේ. නමුත් එය නිල ජාතික ගීතය නෙවෙයි තමන්ට තේරෙන භාෂාවට පරිවර්තනය කරලා තේරුම් ගත්තාට කමක් නෑ. රාජ්‍ය නිල උත්සව තිබිය යුත්තේ එක ජාතික ගීතයයි. බහු භාෂා තියෙන රටවල් විදිහට කැනඩාව, සුවිස්ටර්ලන්තය, දකුණු අප්‍රිකාව, පිජි, නවසීලන්තය මේ රටවල් පහේ ජාතික ගීය එක භාෂාවකට වඩා වැඩියෙන් ගායනා කරන්න ඓතිහාසික හේතු තියෙනවා. නවසිලන්තය අදටත් ඉංග්‍රිසි යටත් විජිතයක්. නමුත් වැඩිපුර ජිවත් වන්නේ මොරිවරුන් තමයි.

ඔවුන්ට කරන ගෞරවයක් වශයෙන් මොරිභාෂාවෙනුත් ජාතික ගීය ගායනා කරනවා. ඒවගේම තමයි පිජි වලත්. මේ සෑම රටකටම ඓතිහාසික සාධාරණ හේතු තිබෙනවා. නමුත් ලංකාවේ එහෙම හේතුවක් නෑ. දෙමළ භාෂාවෙන් ජාතික ගීතයක් අවශ්‍ය නම් එහි වැඩි අයිතිය තියෙන්නේ දෙමළ නිජ බිම වන තමෙල්නාඩුවේ. ලංකාවේ මිලියන 03යි දෙමළ ඉන්නේ තමිල්නාඩුවේ මිලියන 60ක් ඉන්නවා. නමුත් ජාතික ගිතය ගායනා කරන්නේ සංස්කෘත බෙංගාල භාෂාවෙන්. ඉන්දියාවේ ජනගහනය මිලියන 1200ක්. නිල භාෂා 23ක් තියෙනවා. ප්‍රදේශිය භාෂාවන් තියෙනවා 1721ක් නමුත් ඉන්දිය ජාතික ගීතය ගායනා කරන්නේ එකම භාෂාවකින්. එකෙන් තමයි ජාතින් අතර සමගිය ඇතිවෙන්නේ තනි ජාතියක් කියන හැගීම ඇති වෙන්නේ. ජාතික ගීය ජාතික කොඩිය ජාතිකත්වයේ සංකේතයි. එවැනි දෙකක් තිබිමෙන් ජාතිය දෙකට කැඩෙනවා. මේ දවස් වල ලොකු හඩක් නැගුවා සිංහලේ, දෙමලේ මරක්කලේ වෙනුවට අපි එකම ලේ කියලා. එකම රටක්, එකම ජාතික කොඩියක්. එකම ජාතික ගියක් වෙනුවෙන් හඩ නොනගන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

“මිහින්තලේ හාමුදුරුවන්ගෙ මාසික ආදායම කීයද? ඇයි ලයිට් කපන්න වුණේ”

Admin

“සිංහල – බෞද්ධ උතුරට එපා“ කියන “එළුඟ තමිල්“ විරෝධතාවට දෙමළ පක්ෂ රැසක් !

colombotoday

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක

colombotoday

විල්පත්තු සංහාරය යලි ඇරඹෙයි.. අක්කර 700ක් දැනටමත් ඉවරයි (Video/Photo)

colombotoday

වරායේ සේවකයින් ආරම්භ කළ උපවාසය තවදුරටත්

colombotoday

පස් යට සැඟවුණු නිවැසියන්ගේ සිරුරු වැළලූණු තැනම නිසොල්මන්ව සිටි සුනඛයා

colombotoday