Colombo Today Local News

ජාතික ආණ්ඩු යෝජනාව බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනයක්

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති ඒ පිළිබඳ විවාදයේදී අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ අතුරු විධානය ගෙනහැර දක්වමින් “ජාතික ආණ්ඩුව යනු මෙම පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රි ආසන සංඛ්‍යාවක් ලබාගත් පක්ෂය සහ දෙවැනුව වැඩිම මන්ත්‍රි ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂ දෙක එකට එකතු වී පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය” යනුවෙන් ව්‍යවස්ථාවට ඇතුළත් කරන බව 2015 අප්‍රේල් 28 වැනි දින නිකුත් වූ හැන්සාඩ් වාර්තාවෙහි දැක්වෙයි.

“මහ මැතිවරණයකදී වැඩිම මන්ත්‍රි සංඛ්‍යාවක් සිටින පක්ෂයයි, දෙවැනුවට වැඩිම මන්ත්‍රි සංඛ්‍යාවක් සිටින පක්ෂයයි එකට එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී කියලා කිව්වොත් හරිනේ” යැයි ඒ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ පැවැසූ බවද එම හැන්සාඩ් වාර්තාවේ සඳහන් වෙයි.

“ජාතික ආණ්ඩුවක්” යනු කවර විදියේ ආණ්ඩුවක්ද කියන අර්ථ නිරූපණයක් ලබා ගන්න නම් ශේ‍ර්ෂ්ඨාධිකරණයට යන්න වේවි. ඒක නිසා එයට පැහැදිලි අර්ථ නිරූපණයක් ඕනෑ. පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරයාගේ සහයෝගය ඇතිව ජාතික ආණ්ඩුවක් පිහිටුවනවාද යන්න පිළිබඳ සඳහනක් නොමැති අතර එම පක්ෂයේ නායක ඇමැති රවුෆ් හකීම් මේ වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුළ කටයුතු කරමින් සිටී.

මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රිවරයකු සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නොපවතින බව පෙන්වා දෙන ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳව විරෝධය පළ කර ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින එකම මන්ත්‍රිවරයා සෙයිඩ් අලි සහීර් මව්ලානා වෙයි.

එම පක්ෂයේ නායක රවුෆ් හකීම් ඇතුළු සෙසු මන්ත්‍රිවරු එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා යටතේ තරග කර ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.

එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බවට වූ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් 2015 සැප්තැම්බර් 03දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙවර ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන් න්‍යාය පුස්තකය පෙබරවාරි 1 වැනිදා නිකුත් කර ඇත.

අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යුතු යෝජනාවක් සභා නායකවරයා විසින් ඉදිරිපත් කිරීම සදාචාරාත්මක නොවන බව දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

Related posts

බෙංගාල බොක්ක මුහුදු ගැන අවවාදාත්මක නිවේදනයක්

colombotoday

යතුරැ පැදියේ ගැටුණු ගැබිනි මවගේ කුසෙහි බිළිදා මියයයි. – යතුරැ පැදි කරැ රිමාන්ඩ්

colombotoday

5,000 දීමනාව යළිත් | ජල බිල්පතේ සහනයක් නෑ

colombotoday

“සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් ධාවනය නතර කරනවා” – ගැමුණු විජේරත්න කියයි

colombotoday

චන්ද්‍රිකාගේ සංහිදියා බලකායේ වාර්තාව රජයට.. විදෙස් විනිසුරුවන් ගෙන්වන්න නිර්දේශ කෙරේ

colombotoday

වැල්ලම්පිටිය ගමගේ වත්තේ වෙඩිතැබීමක්

colombotoday