Business

ජපානයේ විශාලතම වාණිජ බැංකුව ලංකාවේ මෙහෙයුම් අරඹයි

ජපානයේ විශාලතම වාණිජ බැංකුව වන බෑන්ක් ඔෆ් ටෝකියෝ මිට්සුබිෂි ලබන වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සිය නියෝජිත කාර්යාලයක් ආරම්භ කරන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා එම බැංකුව ජපාන මූල්‍ය නියාමන අධිකාරියේ අවසරය පතා ඇති බව සඳහන්. ජපාන ආයෝජකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීම සඳහා මෙම පියවර ඉවහල් වනු ඇති බව ජපාන මිට්සුබිෂි බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. මෙරට යටිතල පහසුකම්, ඉදිකිරීම් සහ සංචාරක කර්මාන්තවල ආයෝජන අවස්ථා පවතින අතර දැනටමත් ජපාන සමාගම් සියයකට වැඩි සංඛ්‍යාවක් මෙරට ආයෝජන සිදුකර ඇති බවයි එමඟින් පෙන්වා දී ඇත්තේ. බෑන්ක් ඔෆ් ටෝකියෝ මිට්සුබිෂි නියෝජිත කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආයෝජන දිරිගැන්වීම සඳහා ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුවයි.

Related posts

සඳුදා සිට කිරිපිටි මිල අඩුවේ.

colombotoday

කොටස් වෙළඳපොළට ආයෝජකයන් ගෙන්න රවී ලන්ඩන් යයි.

colombotoday

කොළඹ කොටස් හුවමාරුව, CHECකොළඹ වරාය නගර ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට

colombotoday

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

colombotoday

ඩොලරය රුපියල් 285 ට යයි

colombotoday

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday