Colombo Today Local NewsHot News

සන්ධානය දෙකඩ වෙයි, මහින්ද පාර්ශවය පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින්.

rajapaksaශ්‍රීලනිප යේ මහින්ද හිතවාදී කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ කිහිපයක් සමග වෙනම සන්ධානගතව ඉදිරි පළාත් පාළන මැතිවරණයට මුහුණ දීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.  නව සන්ධානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය හිමිව ඇති බවද සදහන් වෙයි.

නව සන්ධානය ගැන අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත්තේ  විපක්ෂයේ පක්ෂ 10 ක පමණ ඒකාබද්ධව නව සන්ධානය පිහිටුවීමට නියමිත බවයි.  එම ඒකාබද්ධ සන්ධානය යටතේ රට පුරා සියළු පළාත් පාලන ආයතනයකටම අපේක්ෂකයින් තරග කිරීමටද නියමිත බවද නායායක්කාර මහතා ප්‍රකාශ කර ඇත.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ වීමේ ලකුණු පහල වී ඇති අතර, සන්ධානය නුදුරේදීම විසුරුවා හැරීම සිදු වන බවට ඉඟියක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය 29 වන දින කඩුවෙල ආසනයේ ශ‍්‍රීලනිප ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ දී දැක්වීය.

එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉදිරිපත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් නායකත්වය දෙන බවයි.

Related posts

අනුරාධපුර බන්ධනාගාරයේදී වෙඩි කෑ තවත් රැඳවියෙක් මරුට

colombotoday

දක්ෂිණ අධිවේග මාර්ගයේ ලොරියක් කරනම් ගසයි

Admin

කන්ටේනර් තුල සැගව තිබූ මහා පරිමාණ වාහන ජාවාරමක තතු හෙළිවෙයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිලියක්ට අමුතු සැලකිලි

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34 වන කොමසාරිස් ජනරාල්වරයා රාජකාරි අරඹයි

colombotoday

තලාව ප්‍රදේශයේ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin