Colombo Today Local News

ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම එනවා -සජිත් තිරප්පනේදී කියයි

මෙවර තමන් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත්, රජරට ජනතාවත්, රටේ ජනතාවත්, දිවිහිමියෙන් රකින බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. 

 සජිත් පේ‍්‍රමදාස මහතා මේ බව පැවසුවේ උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ මිහින්තලා ආසනයේ තිරප්පනේ සෑ දසුන්ගම 246 වන උදාගම්මානය ඊයේ (11 දා) ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

 එම උත්සවයට සහභාගි වූ සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුටත් මෙසේ ද කීය.

 මේ රටේ ආරක්ෂක ක්ෂේත‍්‍රයේ, පොලිසියේ, රාජ්‍ය සේවයේ, ඒ සෑම සියලූ දෙනාටම නොමිලේ ඉඩමක් ලබා දීලා නිවසක් තනා ගන්නට ශක්තිය සහයෝගය ලබා දෙනවා. මයික්‍රෝ ෆිනෑන්ස් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට අපේ වීරෝධාර රණවිරුවන් ගොදුරක් බවට පත් වෙලා. රට දැය බේරාගත් රණවිරුවන් අපි ණයකාරයන් බවට පත් කරන්න හොඳ නැහැ. සෑම රණවිරුවෙක්ම ඒ වහල්භාවයෙන් මුදා ගන්න මේ සජිත් පේ‍්‍රමදාස සූදානම්.

 රණවිරු ගම්මාන, ඉඩම් අපි ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. එමෙන්ම රණවිරු ”විරු සුමිතුරු ”නිවාස ආධාර වැඩසටහන ආරම්භ කර තිබෙනවා. නිවාස ආධාර යටතේ රණවිරුවෝ නිවාස තනා ගන්නවා. ඉඩමක් නැති සෑම රණවිරුවකුටම නොමිලේ ඉඩමක් ලබාදීම ආරම්භ කර තිබෙනවා. 

 රණවිරුවන්ගේ මුදල් පසුම්බියේ තිබුණ තඹ සතයටත් පික් පොකට් ගැහුවා. අපි රණවිරුවන්ගෙන් පික් පොකට් ගහන යුගයක් නිර්මාණය කරන්නේ නැහැ. රටේ ජනතාව නොවැම්බර් මාසයේ රට වෙනතකට හරවන, රට දිනවන, රටේ පොදු ජනයා රජකරන යුගය නිර්මාණය කරන්න ජනතාව වරම ලබලා දෙන කොට මෙරට රණවිරුවන්ට නොමිලේ ඉඩමක් ලබා දීලා නිවාස ආධාර උපකරණ ලබා දෙනවා. ඒ සෑම රණවිරුවෙක්ම සැබැවින්ම රට දැය බේරගත්ත තිස් වසරක යුද්ධය ජයග‍්‍රහණය කරපු රණවිරුවන් ඔවුන් සුරකින්නේ වෙන කවුරුත් නොව සජිත් පේ‍්‍රමදාස යැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. 

Related posts

රත්මලානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

තීරණය ස්ථීරයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල

colombotoday

තව්හීද් ජමාත් නමින් පෙනී සිටින සියල්ලන් IS ට සහය දක්වන අන්තවාදීන් – මුස්ලිම් සංවිධානයක් හෙළිකරයි

colombotoday

තොරණ සහ දන්සැල තහනම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අස්ගිරියේ මතය මෙන්න

colombotoday

මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට..

colombotoday

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ

colombotoday