Colombo Today Local News

ජනපති තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි – කිරිඇල්ල

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සීමා හඳුනාගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු තම සීමාවන් හඳුනා නොගත් බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

“ජනපතිතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගත්තේ නෑ. එතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගන්න ඕන. අපි අනිත් කෙනාගේ සීමාවට ගියෝත් අර්බුදයක් ඇතිවෙනවා. අද අර්බුදයක් ඇති ව තිබෙනවා. ව්‍යවස්ථාවයි අධිකරණයි තමන්ගේ සිමා දන්නේ නැතිව අනිත් අයගේ සීමාවට ගියොත් අර්බුද ඇතිවෙනවා.

ජනපතිවරයා තම බලතල සියල්ලම අගමැතිට දෙන්න හැඳුවා. ශ්‍රේෂ්ඨාධිකරණයි කිව්වේ එතුමාට ඒ දේ කරන්න බෑ කියලා. අපි කරපු දෙයක් නෙමෙයි මේක. එතුමා සීමාව ඉක්මවා ගියාම අපිට මැදිහත්වෙන්න සිදුවුණා.” යැයි  ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Video: හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම්, සාර්ථකව මහනුවර රෝහලෙන්

colombotoday

බොදු බලේ ගැන පත්තරේ කොමිෂන් සභා නිර්දේශ ගැන කියන කතා ඇත්තද? | පාස්කු කොමිෂන් වාර්තාවේ පිටපතක් බොදු බලය ඉල්ලයි.

colombotoday

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday

දේශපාලන අස්ථාවරය මැද ආර්ථික අපහසුකම් නිසා රට හැරදා යාමට තරුණ පිරිස් පෝලිමේ

colombotoday

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

colombotoday

කොළඹ වරායේ සේවකයන් තුන්දෙනෙකු ඇතුලු 19ක් නිරෝධායනයට

colombotoday