Colombo Today Local NewsCovid 19

කොළඹ වරායේ සේවකයන් තුන්දෙනෙකු ඇතුලු 19ක් නිරෝධායනයට

IOC සමාගම වෙත ඉන්ධන රැගෙන ත්‍රිකුණාමලයට පැමිණි නෞකාවේ සිටි නාවිකයන් 17 දෙනෙකුට කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමඟ කොළඹ වරායේ සේවකයන් තුන්දෙනෙකු ඇතුලු 19 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බව වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළා.

මෙම නෞකාව පළමුව කොළඹ වරායට පැමිණ පසුව ත්‍රිකුණාමලය බලා පිටත්ව ගියා.

මේ වනවිට අදාළ නෞකාව ත්‍රිකුණාමල වරායෙන් පිටත නැංගුරම් ලා ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතරින් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ තවත් දෙදෙනෙකු පමණක් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ.

Related posts

ඇපමත මුදාහැරී රාජිත යලි ලෙඩක් දා ගනී.. සජිත් ප්‍රේමදාස බන්ධනාගාරයේදී දිනපතා දුරකථනයෙන් කතා කරලා

colombotoday

වෙළඳ නෞකාවක සිට රෝගී ඉන්දියානුවෙකු නාවික හමුදාව කොළඹ වරායට ගෙන එයි.

colombotoday

පාසල් ආරම්භක දිනය යලි කල් යයි

colombotoday

ආරවුලක් විසඳීමට ගිය පුද්ගලයෙක් මරු දකී

Admin

සලිඳුට උණ්ඩියල් ක්‍රමයට රු. කෝටි 2 ක් යවන්න හැදූ සැකකරු මාට්ටු

colombotoday

එන්නත් මාත්‍රා දෙකක් ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

colombotoday